නීතිය අකුරටම - සංචරණ නීති කැඩුවොත් අමාරුවේ

නීතිය අකුරටම - සංචරණ නීති කැඩුවොත් අමාරුවේ

සංචරණ නීති උල්ලංගණය කරන්නන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ නිරෝධායන නීති හෝ සංචරණ නීති කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව පවතින නීතිය යටතේ වසර හයකට නොවැඩි සිර දඩුවම් හෝ රුපියල් දස දහසක දඩයක් හෝ එම දඩුවම් දෙකම ලබාදිය හැකි බවයි.

නිරෝධායන හෝ සංචරණ සීමා නීති කඩකරන පුද්ගලයින් පිළිබදව වහාම ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.