ලියාපදිංචි ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් දීමේ සූදානමක්

ලියාපදිංචි ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් දීමේ සූදානමක්

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවී ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට ඒ බව ලිපියකින් දන්වා තිබෙන්නේ ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 2,500ක නිශ්චිත දීමනාවක් ගෙවීම 2021 ජුනි 01 වනදා සිට ක්‍රියාත්මක වන බවය.

අදාළ ප්‍රතිපාදන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එම ලිපියෙන් ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇත