තමන්ට අසාත්මික (ඇලර්ජි ) තත්ත්වයක් ඇත්නම් කොරෝන එන්නත ලබා ගත හැකිද යන්න අද බොහෝ දෙනා හට ප්‍රශ්නයක්ව පවතී. මෙම ප්‍රශ්නය නිසා කොරෝනා එන්නත ලබා නොගැනීමට ඇතැමුන් පෙළඹී තිබේ. ඔබට ඇති යැයි ඔබ සිතන අසාත්මික(ඇලර්ජි ) තත්වය නිසා කොරෝනා එන්නත ලබා ගත නොහැකිද යන්න පැහැදිළි මෙම කෙටි ලිපියේ අරමුණයි.
මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) තත්වය යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා ඇතිවුවක් විය හැක. එය සුළු අසාත්මික(ඇලර්ජි) තත්ත්වයක් නම් ඔබට කොරෝනා එන්නත ලබා ගත හැක. මෙහිදී සුළු අසාත්මික තත්ත්වයන් ගණයට අයිති වන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයි.
මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) රෝග ලක්ෂණය මෙවැන්නක් නම් ඔබට කිසිදු සැකයකින් තොරව එන්නත ලබාගත හැක. ඔබේ පවුලේ අයෙකුට යම් අසාත්මිකතාවයක් ඇතිවීම එන්නත ලබාගැනීමට කිසිදු බාධාවක් නොවේ.
එනමුත් ඔබට මෙයට පෙර යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා ඇතිවූ අසාත්මික(ඇලර්ජි) රෝග ලක්ෂණය බරපතල නම්, ඔබ ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දිය යුතුය. මෙහිදී බරපතල අසාත්මික තත්වයන් ගණයට අයිති වන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයි.
මෙවන් රෝග ලක්ෂණයක් මින් පෙර ඔබට ඇතිවී නම් ඔබට එන්නත ලබා දියයුතුද , නැද්ද යන්න ඔබ ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දුන් පසු, එන්නත්කරන මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. ඇතැම් විට ඔහු ඔබ වැඩිදුර විමසීම සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරනු ඇත.
අසාත්මිකතාවයන් පිලිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, MBBS, DCH, MD (Sri Lanka), MRCP, MRCPCH(U.K), P.G Dip in Asthma & Allergy (CMC-Vellore), MBA-Health Care (Manipal)
