අලුත් අවුරුද්දෙන් පසුව හිස එසවු වසංගතයේ තුන්වැනි රැල්ලේ සීග්‍ර ව්‍යාප්තියත් සමග යළිත් වරක් වෛරසයෙන් පීඩාවට පත්වන නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන් ගණන දිනෙන් දින ඉහළ යමින් පවති.
කොරෝනාබාධිත කම්කරුවන් කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීම නිසා ඔවුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර වල අනෙකුත් සාමාජිකයෝද වසංගතයට ගොදුරු වීමේ අනතුරකට මුහුණ පා සිටිති.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායකගේ අත්සනින් යුතුව මැයි 13 වැනිදා නිකුත් කළ නිවේදනයක සදහන්ව තිබුනේ සංචරණ සීමාවලින් ඇගලුම් කර්මාන්තයට බාධා නොමැති බවයි.
ඇගළුම් නිෂ්පාදන, බෙදාහැරීම, ආනයනය සහ අපනයනය වැනි කාර්යන් ආරක්ෂක බුබුළු ක්‍රමයට අනුගතව කළ හැකි බව යුද හමුදාපතිවරයා උපුටා දක්වමින් ඔහු නිවේදනය කර තිබුනි.
අහඹු PCR පරීක්ෂණ සිදුකරනු ලැබූව ද, කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සියලුම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෑතක දී කෝවිඩ් වෛරසය ආසාදිත යැයි සොයා ගන්නා සේවකයන්ගේ සංඛ්‍යාවේ තියුණු ඉහළ නැගීමක් පවතින බවයි කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජ ක්‍රියාධරයන් පවසන්නේ.
ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන පරිදි නිදහස් වෙළද කළාපය තුළ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා කිහිපයකම යලිත් වරක් කොරෝනාබාධිත කම්කරුවන් සිය ගණනක් වාර්තා වී තිබේ.
එම වාර්තාවට අනුව,
ඉන්පසු, මැයි මස 07වන දින කර්මාන්තශාලාව වසා දැමුණු අතර සියලුම සේවකයන් PCR පරීක්ෂණවලට ලක්කර ඇත.
පරීක්ෂණ ප්‍රතිඵල මැයි 10 වන දා නිකුත් වී තිබෙන අතර ආසාදිත සේවකයන් සංඛ්‍යාව 300 දක්වා ඉහළ ගොස් තිබේ.
සිවිල් සංවිධාන ක්‍රියාධරයන් පවසන්නේ කම්කරුවන් 150ක් තවදුරටත් සේවයේ යොදවමින් කර්මාන්තශාලාව 10 වැනි දින දක්වා විවෘතව තැබු බවයි.
මැයි 10 දින උදෑසන වන විට එහි සේවකයන් 40 කට වඩා ආසාදිත බව තහවුරු වී තිබේ.
අනෙකුත් සේවකයන්ට ආසාදනය වී තිබීම හෝ ආසාදිත අය සමීපව ඇසුරු කිරීම නිසා, කර්මාන්ත ශාලාවේ පේලි දොලහකින් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පේලි හතරක් පමණි.
නේවාසිකාගාරවල ස්වයං නිරෝධායනයට:

කම්කරුවන් ඔවුන්ගේ නේවාසිකාගාරවල ස්වයං නිරෝධායනයට ලක්කොට තිබේ.
ඇතැම් සේවකයන්ට ඇස් රතුවීම, උණ , කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, රැකියාවෙහි යෙදී සිටියදී ක්ලාන්තවීම ද සිදු වීම නිසා සේවකයෝ බියට පත් වී සිටිති.
මානව සම්පත් අංශයේ නිලධාරීන් නිවසේ සිට රැකියාවේ කටයුතු සිදු කරන බැවින් කම්කරුවන් වෙනුවෙන් වගකීම භාර ගැනීමට බලධාරීන් කිසිදු අයෙකු නොමැති බැවින් තත්වය භයානක බව සිවිල් සමාජක්‍රියාධරන් නිකුත් කළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
තමන් රැකියාවට නොගියහොත් එම දින ගණන තමන්ගේ නිවාඩු වලින් කපා දමනු ඇතැයි ඇතැම් කර්මාන්තශාලාවල සේවකයෝ බියට පත් වී සිටිති.
ආසාදිත වූ බොහොමයක් දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙනගොස් නොමැති අතර එන්නත්කරන වැඩසටහනක් පිළිබඳව ද දැනුම් දී නොමැති බවත් වාර්තාව පෙන්වා දෙයි.
වැටුප් කපා දැමීම :
කම්කරුවන් නිවසේ රැඳීසිටිය හොත් ඔවුන්ගේ වැටුප් කපා දැමෙන බැවින් ඔවුන් නිවසේ රැඳී සිටීමට ද පසුබට වේ.
එබැවින් ඔවුන්ට නිවසේ රැඳී සිටිමට ද නොහැකි නිසා ඔවුන් රැකියාවට පැමිණීම සිදු ව තිබේ.
විශේෂයෙන්ම ස්වයං නිරෝධායනයෙහි යෙදී සිටින සේවකයන් තමන්ගේ කර්මාන්ත ශාලාවෙන් නොවේ නම්, කම්කරුවන් සුපුරුදු පරිදි දිගටම රැකියාවට යාම සිදුකරයි.
කම්කරුවන් ආසාදිත බව පරීක්‍ෂා කර ස්වයං නිරෝධායනයකට හෝ මධ්‍යස්ථාන වෙත යවනු ලබන විට දී, ඔවුන්ගේ සමීප ඇසුරුකරන්නන්/ සම සේවකයන් පිළිබඳව ප්‍රමාණවත් පරීක්ෂණයක් සිදු නොකරන බවටත් සිවිල් සමාජ ක්‍රියාධරයන් නිකුත් කළ වාර්තාව පෙන්වා දෙයි.
වෙනත් කම්කරුවන් ද මෙම නේවාසිකාගාරවල ජීවත්වන බැවින්, සහ ඔවුන්ගේ නේවාසිකාගාරවල සිට ඔවුන් රැකියාවට යන බැවින් මෙම නේවාසිකාගාර අසල ජීවත්වන්නන්ට ද කෝවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබඳව අනතුරුදායකත්වයක් තිබෙන අතර, ආරක්ෂක ක්‍රියාමාර්ග ගනු නොලැබුව හොත් වෛරසයේ ඉක්මන් හා වේගවත් ව්‍යාප්තියක් ඇතිවනු ඇති බවටත් වාර්තාව අනතුරු අගවා තිබේ.
සිවිල් සංවිධාන ක්‍රියාධරයන් සිය වාර්තාව මගින් පෙන්වා දෙන්නේ රැකියාවට පැමිණීමට පෙර පරීක්ෂණයක් සිදුකරගත යුතු යැයි ඇතැම් කර්මාන්තශාලා මගින් මෑන් පවර් කම්කරුවන්ට බලකර සිටින බැවින් බොහෝ කම්කරුවන්ට ඒ සඳහා වියදම් කිරීමට නොහැකි නිසා වුන් රැකියාවට නොගොස් නේවාසිකාගාරවල රැඳී සිටින බවයි.ඒ හේතුවෙන් ඔවුහු රැකියා විරහිතව දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණ දී සිටිති.
වසංගතය තුළ දී සෞඛ්‍ය සහ ආරක්ෂක ක්‍රියාමාර්ග භාවිතයට ගැනීම සේවකයන් විසින් උල්ලංඝනය කිරීම ද සිදු වන බව පෙන්වා දෙන ක්‍රියාධරයන් අවධාරණය කරන්නේ මෙය ඉතාම බරපතල ලෙස සැළකිල්ලට ගතයුතු ගැටලුවක් බවයි.
නේවාසිකාගාර තුළ වාසය කරන කොරෝනාබාධිත කම්කරුවන් නිරෝධායන මධ්‍යස්ථානයකට යෙන යෑම දින ගණන් ප්‍රමාද වන නිසා එහි වාසය කරන අනෙකුත් කම්කරුවන්ද කොරෝනාබාධිත වීමේ අනතුරට මුහුණ පා සිටින බව ඔවුහු පෙන්වා දෙති.
"කටුනායක පිහිටි එක්තරා නේවාසිකාගාරයක, එක් සේවකයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනගොස් තිබුණේ වෛරසය ආසාදිත බව පරීක්ෂණ මගින් අනාවරණය වීමෙන් දින 3 කට පසුවය. දින හතකින් පසුව ඔහුව නැවතත් නේවාසිකාගාරය වෙත රැගෙන එන බව ඔවුන්ට පවසා තිබේ. නමුත් නිරෝධායනය වීමේ දින 10 අවසන් කිරීමකින් තොරව ඔහුව නැවතත් වේලාසනින්ම නේවාසිකාගාරය වෙත ගෙනවිත් තිබුණේ නේවාසිකාගාරයේ සිටින ඔහුගේ ගර්භනී බිරිඳ මෙන්ම අනෙකුත් සේවකයින් ද විශාල අවදානමකට හෙළමිනි."
මෙම අනතුරු දායක තත්වයන් සැලකිල්ලට ගනිමින් නිදහස් වෙළඳ කලාපීය ප්‍රදේශය තුළ තවදුරටත් කෝවිඩ් -19 පැතිරීම කළමනාකරණය කිරීමට සහ පාලනය කිරීමට රජය විසින් හදිසි සැලැස්මක් සකස් කළ යුතුව බව සිවිල් සමාජ ක්‍රියාධරයෝ අවධාරණය කරති.
(ද ලීඩර්)
