වසංගත කාලය තුළ අධ්‍යාපනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවලියක් !

වසංගත කාලය තුළ අධ්‍යාපනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවලියක් !
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පාසල් දිගින් දිගටම වැසීයාමේ ප්‍රථිඵලයක් ලෙස දරුවන්නේ අධ්‍යාපනය බරපතල ලෙස කඩා වැටිමට ලක්ව තිබෙන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය පෙන්වා දී තිබේ.
 
අධ්‍යාපන අමාත්‍යාංශය පවතින තත්ත්වයට ගැලපෙන අයුරින් වැඩපිළිවෙළක් සකස්කර අධ්‍යාපනය පවත්වාගෙන යාම වෙනුවට මාර්ගගත අධ්‍යාපනය අවිධිමත් අයුරින් පවත්වාගෙන යන බව පෙන්වා දෙන සංගමය එහි ප්‍රතිඵලයක් ලෙස තාක්ෂණික මෙවලම් හා අන්තර්ජාල පහසුකම් ඇති සීමිත පිරිසක් අධ්‍යාපනය ලබද්දී සාතිශය බහුතරයක් දරුවන්නේ අධ්‍යාපන අයිතිය බරපතළ ලෙස උල්ලංඝනයවන බව සඳහන් කරයි.
 

එවැනි වටපිටාවක් තුළ ලෝකයේ වෙනත් රටවල අත්දැකීම්ද සලකා බලා මේ කාලය ඇතුළත අධ්‍යාපනය පවත්වාගෙන යාම සඳහා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවයද පෙන්වා දෙමින් අද (18) දින අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවලියක් භාර දීමට ඒකාබද්ධ ගුරු සේවා සංගමය කටයුතු කර ඇත.

 අවස්ථාවේ ඡායාරූප පහතින්....

20210518 112100