සංවර්ධන නිලධාරින්ගේ හිඟ වැටුප් ඉල්ලයි

සංවර්ධන නිලධාරින්ගේ හිඟ වැටුප් ඉල්ලයි

2021.01.01 දිනට ස්ථීර පත්වීම් ප්‍රධානය කළ සංවර්ධන නිලධාරීන්ගේ හිඟ වැටුප් හා අප්‍රේල් මස වැටුප් නොලැබීම සම්බන්ධව බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2019.08.01 සහ 2019.09.16 යන දිනයන්හි අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් වූ උපාධිධාරීන් 2021.01.01 දින සහිතව සංවර්ධන නිලධාරී තනතුරේ ස්ථීර කරන ලදි.

එලෙස ස්ථීර කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් මගින් ඔබ දෙපාර්තමේන්තුව යටතටද සංවර්ධන නිලධාරීන් විශාල ප්‍රමාණයක් අනුයුක්ත කර ඇත.

2. ස්ථීර පත්වීම් දිනය 2021.01.01 දින සිට ඔබ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන්ගේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස සඳහාවන හිඟ වැටුප් නොලැබීම.

3. 2021 අප්‍රේල් මසට අදාළ ස්ථීර වැටුප 2021 මැයි 18 වන දින වන විටත් නොලැබී ඇති ඇතිබව ඇතැම් කාර්යාලවලින් වාර්තාවන බව දන්වා සිටිමු.

රටපුරා මතුවී ඇති Covid-19 වසංගත තත්වය හමුවේ සෑම පුරවැසියෙකුගේ ජන ජීවිතය අඩාල වී ඇති අතර ජීවත්වීමේ දුෂ්කරතා ද මතු වී ඇත.

වැටුප රාජ්‍ය සේවකයෙකුගේ අයිතියක් වන අතර අයිතියකටත් වඩා එය මාසයේ නියමිත දිනවල නොලැබීම හරහා බරපතල ජීවන ගැටළු ඇති කරවන තත්වයක් බව අවධානයට යොමු කරමු.

අප සංගමය වෙත වාර්තාවන කරුණු අනුව ඉහත කරුණු දක්වා ඇති අතර හිඟ වැටුප් ගෙවීමේ ප්‍රමාදයන් ඇත්නම් අදාළ ප්‍රමාදය වළක්වා අදාළ වැටුප් ගෙවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.