කම්කරු කොමසාරිස් ජනරාල් පුද්ගලික අංශයේ ගර්භනී මව්වරුන්ට රාජ්‍ය සේවයේ ලබාදුන් සහනය ඉල්ලයි

කම්කරු කොමසාරිස් ජනරාල් පුද්ගලික අංශයේ ගර්භනී මව්වරුන්ට රාජ්‍ය සේවයේ ලබාදුන් සහනය ඉල්ලයි

‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම පිළිබඳව අවදානය යොමු කර රාජ්‍ය සේවයේ ගර්භණී මව්වරුන්ට ලබාදුන් සහනය ආයෝජන ප්‍රවර්ධන කළාපවල සේවය කරන ගර්භණී මව්වරුන්ට ද ලබාදිය හැකි නම් අගය කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.

අංක 02/2021 (11) හා 2021.05.10 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව රාජ්‍ය සේවයේ ගර්භණී මව්වරුන්ට සේවයට වාර්තා කිරීමෙන් තොරව නිවසේ සිට රාජකාරි කිරීමට අවස්ථාව සළසා දී ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.

(lankadeepa)