ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසෙයි!

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසෙයි!
අද (20) සිට නැවත දැනුම්දෙනතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා මහනුවර, වවුනියාව, මාතර සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
 
කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස  එම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
 
එම දෙපාර්මේන්තු ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා පහත දුරකථන අංක මඟින් හෝ ඊ-මේල් මගින් අදාළ අංශ සම්බන්ධ කර ගතහැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
 

මේ පිළිබඳව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහත පරිදිය.

 imigration