අද රාත්‍රියේ සිට දීපව්‍යාප්ත සංචරණ සීමා බලපැවැත්වෙන්නේ මෙහෙමයි!

අද රාත්‍රියේ සිට දීපව්‍යාප්ත සංචරණ සීමා බලපැවැත්වෙන්නේ මෙහෙමයි!
අද රාත්‍රී 11 සිට ලබන 25 වනදා අලුයම 04 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පනවනවා. කෙසේවෙතත් එදිනම රාත්‍රී 11 සිට ලබන 28 වනදා අලුයම 04 දක්වා සංචරණ සීමා පනවන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
 
යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන ආකාරයට මෙලෙස දිවයින පුරා සංචරණ සීමා පැනවීම සිදු කළ ද අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉන් බාධාවක් නොමැති  අතරම තම අත්‍යවශ්‍ය සේවාව තහවුරු කිරීම සඳහා රාජකාරී හැඳුනුම්පතක් හෝ ලිඛිත අවසර පත්‍රයක් තිබිය යුතු බවයි.
 
කෙසේ නමුත් මෙම සංචරණ සීමා කාලය තුළ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් පිටතට යාමටද අවසර හිමි නොවේ.
 
තවද සංචරණ සීමා හේතුවෙන් අද සිට 24 වෙනි සන්දුදා දක්වා කාලය තුළ සියලුම ආර්ථික මධ්‍යස්ථානද වසා තැබෙන අතර සියලුම පොදු ප්‍රවාහන සේවාද ක්‍රියාත්මක නොවෙන බවත් සඳහන්.