කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන්ට බලපා ඇති ගැටළු 2021.05.31 දිනට පෙර නොවිසඳන්නේ නම් හෙද හෙදියන්ට අදාළ නොමැති සියළු රාජකාරිවලින් ඉවත්වන බව සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
මේ මොහොත වනවිට කොරෝනා ව්‍යාප්තිය ඉතාමත්ම බරපතල ලෙස වැඩිවෙමින් තිබෙන අතර, ෙකොරෝනා රෝගීන්ට අදාළ ප්‍රතිකාර කටයුතුවල නියුතු හෙද හෙදියන් ඉතා විශාල පිරිසක් කොරෝනා ආසාදනයට ගොදුරු වී තිබේ. තවත් විශාල පිරිසක් නිරෝධානයට ලක්කර ඇත. මේ සියළු තත්වයන් හමුවේ වුවද විවිධ දුෂ්කරතා හා ගැටළු ගණනාවක් දරා ගනිමින් අති බහුතරය කාන්තාවන් වන පිරිසක් සිය රාජකාරියට පැමිණෙමින් සිටී.
එසේ සේවයට පැමිණෙන හෙද කාර්ය මණ්ඩලයට බලපා තිබෙන ගැටළු විසඳා ගැනීමට හා ආරක්ෂිතව ප්‍රතිකාර කටයුතුවල නිරත වීම සඳහාත් සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු සෞඛ්‍ය බලධාරින්ගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර
ඇත. කොරෝනා වසංගතය ඇති වී වසර දෙකක් පමණ ගත වුවද එම ගැටළු විසඳා දීම වෙනුවෙන් ආණ්ඩුවත්, සෞඛ්‍ය බලධාරිනුත් අවශ්‍ය නිසි ක්‍රියාමර්ග මේ වනතෙක් ගෙන නොමැත.
2021.05.19 දින සෞඛ්‍ය ඇමතිතුමියගේ උපදෙස් මත හෙද වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යාශංයට කැඳවා හෙද හෙදියන්ට මේ මොහොතේ බලපා තිබෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක් සිදුකරන ලදී. එහිදී සෞඛ්‍ය බලධාරීන්ට පහත
ගැටළු ඉදිරිපත් කර ඉතා කඩිනමින් විසඳුම් ලබාදෙන අප සංගමය ඉල්ලා සිටින ලදී.
උක්ත කරුණු සම්බන්ධයෙන් 2021.05.31 දිනට පෙර විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් මේ වනවිට හෙද කාර්ය මණ්ඩලය මත පටවා තිබෙන ඔවුන්ට අදාළ නොවන සියළු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව දැනුම් දෙමු.
