කොවිඩ් ආසාදිත වෙළෙඳ කලාප සේවකයින්ට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් 

කොවිඩ් ආසාදිත වෙළෙඳ කලාප සේවකයින්ට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් 
කොවිඩ් ආසාදනයට ලක්වන නිදහස් වෙළෙඳ කලාප සේවක, සේවිකාවන් සඳහා වෙළෙඳ කලාප තුළම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ආයෝජන මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.
 
ඒ අනුව පළමු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව පිහිටුවා ඇති අතර එය ඊයේ (25) බාරදීම සිදුවිය.
 
කටුනායක වෙළෙඳ කලාපයේ පිහිටුවනු ලැබූ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 300කින් සමන්විතය.
 
එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ , කොවිඩ් ආසාදනයට ලක්වන ආයෝජන කලාප සේවක සේවිකාවන් බොහෝ පිරිසක් මේ වනවිට නිවෙස්වල රැඳී සිටින බවයි.
 
ඒ් අනුව ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ආයෝජන කලාප තුළම පිහිටුවීමට පියවර ගත් බවද ඔහු පැවසීය.