ලංගම සේවකයන් 135කට කොවිඩ් පොසිටිව් 

ලංගම සේවකයන් 135කට කොවිඩ් පොසිටිව් 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 135 දෙනකු මේ වන විට කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

මෙයට අමතරව සේවකයන් 500ක් පමණ නිරෝධායනයට ලක් කර සිටින බවද ඔහු විසින් අනාවරණය කර ඇත.

කොරෝනා ආසාදිත ලංගම සේවකයන් වෙනුවෙන් මේවන විට කළුතර රියදුරු පුහුණු පාසල රෝහලක් බවට පත් කරගෙන යන බවත් රණවක මහතා පෙන්වාදෙයි.

සෞඛ්‍යය නිරෝධායන නීති උපරිම ලෙස අනුගමනය කරමින් බස්රථ ධාවනය කිරීමට කටයුතු කරන්නැයි සියලුම සේවකයන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.