ආයතන කිහිපයක් අත්‍යාවශ්‍ය වෙයි

ආයතන කිහිපයක් අත්‍යාවශ්‍ය වෙයි

රට තුළ පවතින කොවිඩ් තත්වය හමුවේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වරාය අධිකාරිය, පෙට්‍රෝලියම් නිෂ්පාදන ඇතුළු සියළුම ඉන්දන සැපයුම හා බෙදාහැරීම, වරාය හා නාවික කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ගමනාගමන මණ්ඩලය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන් ඇතුළු සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ක්ෂේත්‍ර රාජකාරි මට්ටමේ නිලධාරින් ද ආවරණය කරන රාජකාරි එම අත්‍යවශ්‍ය සේවාවන්ට ඇතුළත් ය.

(ශ්‍රී ලංකා මිරර්)