“ඉල්ලූවේ එන්නත -දුන්නේ අත්‍යවශ්‍ය සේවා ගැසට් එක“,  විරෝධතාවයකට සූදානම්

“ඉල්ලූවේ එන්නත -දුන්නේ අත්‍යවශ්‍ය සේවා ගැසට් එක“,  විරෝධතාවයකට සූදානම්

මේ වනවිටත් සංවර්ධන නිලධාරීන්, ග‍්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් රාජකාරී කිරීමට අදාළව කොවිඞ් එන්නත, සෞඛ්‍යාරක්ෂණ උපකරණ ආදිය ඉල්ලා වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම්ව ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ

ඒ අතර ආණ්ඩුව ඒ කිසිවක් නොදී අත්‍යවශ්‍ය සේවා ගැසට් එක් නිකුත් කර ඇත. මේ අතර පාසල් වෙත අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභීන් නැවත කැඳවා වසම්වල නිරෝධායනය වන පවුල් අධීක්ෂණයට යෙදවීමේ සූදානමක් පවතී.

අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් හදිසි     අනුයුක්ත කිරීම් නොකරන ලෙස මීට පෙර අමාත්‍යාංශ බලධාරීන් දැනුවත් කළ ද මේ වනවිටත් එවැනි අනුයුක්ත කිරීම් සිදුවෙමින් පවතී. මේ වනවිට සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු සහ එක්  අභ්‍යාසලාභියකු කොවිඞ් වෛරසයට ගොදුරුව ජීවිතාක්ෂයට පත්ව ඇත.

එවැනි තත්වයක් හමුවේත් ආණ්ඩුව කිසිදු සැලකිල්ලකින් තොරව රාජ්‍ය සේවකයින්ගේ ජීවිත     අවදානමක දැමීමට අප සැවොම එරෙහිවිය යුතුව ඇත.

තවදුරටත් රාජකාරී කිරීමට පෙර මෙම ඉල්ලීම් ලබානොදීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභීන් විරෝධතා කි‍්‍රයාමාර්ග ගැනීමට යොමුවන බව දැනුම් දෙමු.