ශ්‍රී ලංකා දුම්රිය සදහා හදුන්වා දීමට නියමිත smart ticketing system රාජ්‍ය ආයතනයකට නොදී පුද්ගලික සමාගමකට ලබාදීමේ හදිසි හස්තය කාගේද?
දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම සඳහා කාලෙන් කාලෙට පත්වෙන ආණ්ඩු නොයෙක් ක්‍රියාමාර්ග ගත්තා. ජනතාව කෙරෙහි දුම්රිය ගැන බලවත් විවේචන තියෙන අවධියක පසුගිය යහපාලන ආන්ඩුව කාලයේ එසේ යෝජනා කල හොඳ ව්‍යාපෘතියක් දුම්රිය ටිකට් පත වෙනුවට විද්‍යුත් කාඩ් ක්‍රමය.
අද භාවිතා වන ටිකට් පත සඳහා අවශ්‍ය කඩදාසි ගෙන්නන්නෙ නෙදර්ලන්තයෙන්. මේ සඳහා දෙපාර්තමේන්තුව විශාල පිරිවැයක් දරනවා. ඒ පිරිවැය අඩු කරගැනීමට වගේම ලෝකය අලුත් වෙද්දී නව තාක්ෂණය ජනතාව වෙත ලබා දී කාර්යක්ෂම , ආකර්ශනීය සේවාවක් බවට දුම්රිය සේවාවා ජනතාව වෙත දායක කරලීම සඳහා පහුගිය ආණ්ඩුව මෙම විද්‍යුත් කාඩ් ක්‍රමය හඳුන්වා දෙන්න පියවර ගත්තා.
ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී චීන සමාගමකට මෙම විද්‍යුත් කාඩ් සැකසීම සඳහා අවස්තාව ලබාදුන්නා . එහි වූ එකඟතාවයකට අනුව දේශීය සමාගමක් හවුල්කාර ආයෝජකයෙක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ලංකාවෙ එම හවුල්කාර ආයතනය ලෙස සොෆ්ට්ලොජික් ආයතනය නම් කර තියෙනවා .
දුම්රිය වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ මෙම ලංකාවෙ හවුල්කාර සමාගම ලෙසට ටෙලිකොම් ආයතනයට මෙම මුද්‍රණ කටයුතු කරන්න අවස්තාව ලබා දෙන ලෙස. එයට සාධාරණ හේතු රැසක් තියෙනවා
මේ සරළ උදාහරණ කිහිපයක් පමණයි.
ඩොලර් මිලියන ගානක කොමිස් කුට්ටියකට මෙය ක්‍රියාත්මක වෙන්න දෙනවද, එසේත් නැතිනම් මේ කූට අරමුණ පරාජය කල යුතුද යන්න බුද්ධිමත් ජනතාව සොයා බැලීම වටී.
ඉන්දික දොඩංගොඩ, කැඳවුම්කරු, දුම්රිය නඟා සිටුවීම සඳහා වන වෘත්තීය සමිති සන්ධානය
