කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන්ට බල පා ඇති ගැටළු නොවිසදීම හා නුසුදුස්සන් හෙද සේවාවට බදවා ගැනීමට එරෙහිව 2021. 05. 31 දින සියළු හෙද හෙදියන් අසනීප නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,
මේ මොහොතේ මෙරට රෝහල් පද්ධතිය තුල හා ඉන් පිටත පිහිටුවා තිබෙන ෙකොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන තුල ඉතාමත්ම දැඩි දුෂ්කරතා ගනනාවක් මැද ජීවිත අවධානමක්ද මධ්‍යයේ සේවය කරමින් සිටින හෙද කාර්ය මණ්ඩලය මුහුණ දී තිබෙන අතිශය පීඩාකාරී ගැටළු ගනනාවකට විසදුම් ලබාදෙන මෙන් අප සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කරන ලදී. එසේම දිනෙන් දින ජනතාවගේ ජීවිත බිලි ගනිමින් තිබෙන කොරෝනා වසංගතය මැඩලීමේදී බලධාරීන් නොසලකා හැර ඇති කරුණු කිහිපයක් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත්, අප ඉල්ලා සිටින ලදී.
කොරෝනා වසංගතය රට තුලට පැමිණ වසර 02 කට ආසන්න වන මොහොතක ද සෞඛ්‍ය අමාත්‍යංශය හෝ ආණ්ඩුවෙකොරෝනා සටනේ නිරත හෙද හෙදියන්ගේ ගැටළු විසදා දීමට හෝ රටේ ජනතාව කොවිඩ් වසංගතයට ගොදුරුවීම පාලනය කර කොවිඩවලින් තොර ජීවිතයක් ලබාදීම වෙනුවෙන් වූ සැලසුම් සහගත වැඩපිළිවෙලක නෙැමැති බව ඉතා හොදින් පෙනෙන්නට තිබේ.
එම තත්වය තුල හෙද හෙදියන්ගේ පැවැත්ම හා ආරක්ෂාවටත්, සියළුදෙනාට කොවිඩ් වලින් තොර ජීවිතයක් ලබාගැනීමට බාධා ගෙනදී ඇති පහත ඉදිරිපත් කර ඇති ගැටළු තවදුරටත් නොවිසදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව 2021. 05. 31 දින රට පුරා රෝහල්වල හෙද හෙදියන් එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව දන්වා සිටිමු.
එහිදී ඇතිවන සියළු ආකාරයේ සේවා බිදවැටීම් හා එමගින් රෝගීන්ට සිදුවන අපහසුතාවල වගකීම සෞඛ්‍ය ඇමතිවරිය ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් බාරගත යුතු බවත් දන්වමු.
