කළුබෝවිල රෝහලේ සේවකයෝ විරෝධතාවයක

කළුබෝවිල රෝහලේ සේවකයෝ විරෝධතාවයක
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සුළු සේවකයෝ  ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද  දහවල් පැයක කාලයක් රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.
 
කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ජීවිත අවදානම වෙනුවෙන් සුළු සේවකයින් සඳහා රක්ෂණ වන්දියක් හෝ විශේෂ අවදානම් දීමනාවක් ගෙවන ලෙසට උද්ඝෝෂණයේ නිරත පිරිස් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
 

ඊට අමතරව සුළු සේවකයන් සඳහා නිසි ප්‍රවාහන පහසුකම්  සලසා දෙන ලෙසටද මෙහිදී ඉල්ලිම් කර ඇත.