පරිපූරක වෛද්‍ය සේවකයින්ගේ විරෝධතාවය සාර්ථකයි

පරිපූරක වෛද්‍ය සේවකයින්ගේ විරෝධතාවය සාර්ථකයි

රටේ සෞඛ්‍ය සේවාව ගුණාත්මකව පවත්වා ගැනීමට ඉල්ලීම් 15 ක් මුල් කර ගනිමින් අද පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජකාරියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටි බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම වෘත්තීය සමිති  ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර මහ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, අනුරාධපුරය ශික්ෂණ රෝහල, පේරාදේණිය ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රත්නපුරය ශික්ෂණ රෝහල යන රෝහල් ඒ අනුව රාජකාරියෙන් ඉවත්ව සිටි බව ඔහු වැඩිදුරටත් පැවසූ අතර, අනෙකුත් සියලූම රෝහල්වල මෙයට සහයෝගය දැක්වීමක් ලෙස පැයභාගයක් තම රාජකාරි වලින් ඉවත්ව සිටි බව ඔහු වැඩිදුරටත් පැවසීය.