පරිපාලන ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට මෙන්න අවස්ථාව

පරිපාලන ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට මෙන්න අවස්ථාව

සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය (2020/2021) සඳහා සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ තනතුරුවල පවතින පුරප්පාඩු 67ක් පිරවීම සඳහා මෙලෙස සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි අයඳුම්පත් කැඳවනු ලැබේ.

සියලු සුදුසුකම් අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය වනවිට සම්පූර්ණකර තිබිය යුතු අතර පහතින් දක්වා ඇති විස්තර පත්‍රිකාවේ අන්තර්ගත ආදර්ශ අකෘතිය අනුව සකස්කරන ලද අයඳුම්පත් " විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ 1503,කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

 

සම්පූර්ණ විස්තරයට මෙතැනින් පිවිසෙන්න...