සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරයිද?

සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරයිද?

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා  රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .

එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

කොරෝනා රෝගීන් 3000ක්  ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

මේ අතර ,ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මෙම l කරමින් පිටු  තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දෙවෙනි දා යවා ඇතැයි ද දැනගන්නට ඇත’

කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසි එක් වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර ,එය විසිපස් වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.

සංචරණ සීමා හෙට  (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.

එහෙත් එය ලබන විසි එක් වැනි දා දක්වා   දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත . 

මූලාශ්‍රය -ලංකාදීප