ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමක්

ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමක්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට කටයුතු කරන බව දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම්දීමක් කර තිබේ.

දින 180 සම්පූර්ණකළ අනියම්,ආදේශක සෞඛ්‍ය සේවකයින් වහාම ස්ථීර කර ගැනීම, සියලු සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබා ගැනීම, රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල හිඟ පියවා ගැනීම, සතියේ වැඩකරන අමතර පැය 08ට වැටුපෙන් 01/03ක දීමනාවක් ලබා ගැනීම හා ප්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂිත උපකරණ ගැටලු විසඳීම යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණය වීමට තීරණය කළ බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ.

සෞඛ්‍ය සේවකයින් දීර්ඝකාලයක් තිස්සේ මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වෘත්තීය ක්‍රියාමාර්ගයන් මෙන්ම වගකිවයුතු බලධාරීන් හා සාකච්ඡාවන්ද පවත්වා තිබෙන අතර විශේෂයෙන් පසුගිය පෙබරවාරි මස 23 වෙනි දින කළ සාකච්ඡාවේදී පොරොන්දු වූ පරිදි මසක් ඇතුළත ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන බවට සඳහන් වුවත් එකඳු ඉල්ලීමකට මේවනතෙක් සාධනීය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිබව සංගමය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා ජූනි මස 08 වෙනි දිනට පෙර නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් ජූනි 09 වෙනි දින පෙරවරු 08 සිට අකමැත්තෙන් වුව සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවෙන බව වැඩිදුරටත් දන්වා තිබේ.