සෞඛ්‍ය සේවාවේ දීමනා විශමතාවය ගැන සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කතා කරයි

සෞඛ්‍ය සේවාවේ දීමනා විශමතාවය ගැන සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කතා කරයි

කොවිඩ් වසංගතය තුළ සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයින් විශාල ප්‍රමාණයක් පත්ව ඇති ගැටළුකාරී තත්ත්වය හා සෞඛ්‍ය සේවාවේ පහසුකම් හා දීමනා සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්න සාකච්ඡාවට ලක්කෙරෙන මාධ්‍ය හමුවක් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ ,

"සෞඛ්‍ය සේවකයින්ට පහසුකම්,උපකාර දෙනවා වෙනුවට ඉහළම සෞඛ්‍ය සේවකයින්ගේ අතමිට සරු කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍ංයාශය කටයුතු කරනවා.ඔවුන් මාසිකව ගන්නා වැටුපෙන් 10000-150000කට වඩා වැඩි වෙනවා කොවිඩ් කළමණාකරණය කිරීමට.දිනපතා මාස්ක් එකක් ගන්න,එන්න යන්න,වෙනදාට වඩා ආහාර මිල අධිකයි.ඔවුන් ගන්නා වැටුපෙන් විශාල මුදලක් මේ සඳහා වැයවෙනවා.මේ ගැන රජය විදිහට කල්පනා කරන්න ඕනි.එය ආණ්ඩුවේ වගකීම" බව පැහැදිලි කළේය.

මාධ්‍ය වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ අදහස් පහත වීඩියෝ පටයෙන් නරඹන්න...