කිරිදෙන දරුවන් සහිත සියලූ කාන්තා සේවිකාවන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක්

කිරිදෙන දරුවන් සහිත සියලූ කාන්තා සේවිකාවන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක්

කිරිදෙන දරුවන් සහිත සියලූ කාන්තා සේවිකාවන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැණුම් දීමක් සිදුකර තිබේ.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් යොමුකර ඇති ලිඛිත ලියවිල්ල පහතින් වෙයි..

ලේකම්,
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරශ‍්‍රය,
කොළඹ 07.


ලේකම්තුමනි,


කිරිදෙන දරුවන් සහිත සියලූ කාන්තා සේවිකාවන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීම

මේ වනවිට පවතින වසංගතය හේතුවෙන් රාජ්‍ය සේවය පවත්වාගෙන යනුයේ අවම සේවකයින් සංඛ්‍යාවක් යොදා ගනිමිනි. ඒ අතර සියලූ ගර්භණි නිලධාරීන් සේවයට කැ`දවීම නවත්වා ඇත. අපගේ ඉල්ලීම වුයේ කිරිදෙන දරුවන් සිටින සියලූ නිලධාරීනියන්ට ද යම් සහනයක් ලබාදෙන ලෙසයි.

02. මේ අතර ජුනි මස 8 දින HA/3ර/3ර/57-1අංක සහිත ලිපිය මගින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් ලිපියක් මගින් දන්වා ඇත්තේ වසරකට වඩා අඩු වයසැති දරුවන් සිටින ග‍්‍රාම නිලධාරිනියන් සහ සංවර්ධන නිලධාරිනියන් සේවයට නොකැ`දවන ලෙසයි.

03. පවතින වසංගත තත්වය තුළ කිරිදෙන දරුවන් සහිත සියලූ කාන්තා සේවිකාවන්ට යම් සහනයක් ලබාදීමට නොපමාව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.


ස්තූතියි.
මෙයට,
ධම්මික මුණසිංහ
ලේකම්
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය.


පිටපත් :-
ජනාධිපති
අගමැති
සභාපති - ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
අමාත්‍ය - රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
අමාත්‍ය - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
සියලූම දිස්ති‍්‍රක් ලේකම්වරු
සියලූම මාධ්‍ය ආයතන