දුම්රියේ මහා පරිමාණ වංචාවකට එරෙහිව වෘත්තීය සමිති පෙළගැසෙයි

දුම්රියේ මහා පරිමාණ වංචාවකට එරෙහිව වෘත්තීය සමිති පෙළගැසෙයි
රාජ්‍ය දේපළ විකිණීමට, සිදුවෙමින් පැවති මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා නැවැත්වීමට බලයට පැමිණි ආණ්ඩුවක් ජනමතයට පිටුපා එම දූෂිත ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම පිළිබඳ 'රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ඒකාබද්ධ වෘත්තීය සංගම් සන්ධානය' සිය බලවත් අප්‍රසාදය පළකර සිටියි. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ දුම්රිය ප්‍රවේශපත්‍ර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී සිදුවෙමින් පවත්නා දැවැන්ත මූල්‍ය අර්බුදයක් පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති (පොදුජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ වෘත්තීය සමිති පවා) ඒ්කාබද්ධව මේ පිළිබඳව හඬ නඟනු පෙනෙයි. ඔවුන් විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳ රජයේ මෙන්ම ජනතාවගේ අවධානය යොමු කරවීමට උත්සාහ ගන්නා ලදී. ඔවුන් දැක්වූ අදහස් පහත පරිදි සටහන් කළ හැකිය.
 
මේ මං පහරන්නන්ට ඉඩ දෙන්න එපා
 
ජයන්ත විජේසිංහ, පොදුජන සේවක වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු,
 
 
"අපි වත්මන් පොදුජන  පෙරමුණු ආණ්ඩුව දිනවන්න 2015 සිට දැවැන්ත සටන් කළා. පොදුජන දේපළ රැකගෙන අපේ ආණ්ඩුවක් බිහිකරගත්තා. ජනතාවගේ බලාපොරොත්තු රැක්කා. ඒ්ත් ජනතාව බලාපොරොත්තු වුණේ මේ වගේ තක්කඩින්ට ඔ්න වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි. ලෝක වසංගතයක් එක්ක ස්වභාවික ප්‍රශ්නයකට මුහුනදීම ඇත්තක් වුවත්, කොරෝනා අස්සෙන්ම ජනතාව දේපළ හොරාකන්න හදනව නම්, කෝටි ගණන් කොමිස් මුදල් ගසා කන්න හදනව නම් එදා 2015 සිට අරගල කොට මහජන දේපළ රැකගත්තා වගේම ආණ්ඩුව තුළ සිටිමින්ම වුව මහජනතාවගේ දේපළ රකින්න අපි සූදානම්. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ සිදුවීමත් එවැනි එකක්. දුම්රිය දෙපාර්තමේන්තුව ‌වගේ රාජ්‍ය ආයතන රාශියක ප්‍රධානින් හැටියට දූෂිතයින් පත් කරලා, ආයතන විනාශ කරමින් ඉන්නවා. ජනාධිපතිතුමා බලයට එද්දි පූර්ණ බලතල තිබුණෙ නෑ. 20 වැනි සංශෝධනයෙන් බලතල දීලා තියෙද්දිත් කළ යුතු දේ ජනතාව වෙනුවෙන් කළ යුතුයි. එහෙම නැතිව අපි මේ රජය ගෙනාවෙ තක්කඩි රකින්න නෙවෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකටිං ව්‍යාපෘතිය සොෆ්ටලොජික් කියන ආයතනයට දෙනව නම් අපි ඒ්කට විරුද්දයි. තැපැල් වෘත්තීය සමිති සන්ධානය හැටියට එහෙම  අවස්ථාවක් උදා වුවොත් රාජ්‍ය ආයතන සියල්ල එකට එතකතු කරලා පාරට බහින්න සූදානම්. තක්කඩින්ට වගකීම් දෙන්න එපා. මංපහරන්නන්ට ඉඩ දෙන්න එපා. ව්‍යාපෘතිය වහා අකුළා ගත යුතුයි. මෙම ව්‍යාපෘතිය කොමිස් කුට්ටි මත පාවෙන ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය ජනතාවට වගකියන ටෙලිකොම් ආයතනයට දිය යුතුයි.
 
පුද්ගලික ආයතනයකට ලබාදීම වෙනුවෙන් රජයට වගකියන, ජනතාවට වග කියන, ආණ්ඩු මාරු වුණත් රාජ්‍ය දේපළක් ලෙස පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට මෙම ව්‍යාපෘතියේ වගකීම බාරදීම කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.
 
 
රටේ සල්ලි පිටරට යවන්න එපා
 
නලින්ද හෙට්ටිආරච්චි- වානිජ හා කර්මාන්ත ප්‍රගිතශීලි සේවා සංගමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ශාඛාවේ ලේකම්,
 
"විශේෂයෙන්ම ටිකටිං ව්‍යාපෘතිය ටෙලිකොම් ආයතනයට බාරදෙන්න කියලා අපි කියන්නෙ ඇයි? ඒ්කට හේතුවක් තියෙනවා.  දැනට ක්‍රියාත්මක 365 අංකය ඔස්සේ ඉ-ටිකටිං ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ටෙලිකොම්,  මොබිටෙල් ආයතනය එක්ක සාර්ථකව  ක්‍රියාත්මක වෙනවා. ඒ්කට අදාළ විශේසඥ දැනුමක් සොෆ්ට්වෙයාර් ඉංජිනයයර්ස්ලා ආයතනයක්. දේශීයත්වය අගය කතා කරන මේ අවස්ථාවේ මේ දේශීය සමාගමකට මේ ඩොලර් මිලියන 22 ලබාදීලා,  රටේ සල්ලි පිටරට යන එක නවත්වන්න කියන එක අපි කියනවා" 
 
 
ජනතාවගේ තොරතුරු ආරක්ෂාව නැති කරන්න එපා
 
ඉෂාර දියෙස්, සමාජවාදී ලංකා කම්කරු සමිතියේ ප්‍රධාන ලේකම්, 
 
"දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ අපේ රටේ තියෙන දැවැන්ත සම්පතක්. මේ සම්පත අපි එචා මෙදා තුර රැකගන්න විශාල අරගලයක් කළා. ටිකටිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න යනවා කියන ආරංචියක් එක්ක එය විදේශ සමාගමකට ලබාදුන්නා. ඔවුන් තමන්ගෙ අනු සමාගමක් විදිහට සොෆ්ට්ලොජික් ආයතනය පත්කරගෙන. ඔවුන්ට මේ පිළිබඳ කටයුතු කරන්න පුළුල් අත්දැකීමක් හෝ දැනුමක් නොමැති බව අපි දන්නවා. දැවැන්ත අර්බුදය ඒ්ක නෙවෙයි. අපේ රටේ ජනතාවගේ තොරතුරු , පුද්ගලික තොරතුරු වෙනත් රටකින් වෙනත් විදිහකට ලබාගැනීමේ අවදානම තියෙනවා. මෙතැන  නියාමනයක් සිදුවෙන්නෙ නැති බව දන්නවා. ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නෙ අපේ රටේ කීර්තිමත් ආයතනයක්. විවිධ ආයතන සමග වැඩකරලා සහසම්බන්ධයක් තිබිලා කටයුතු කරන ආයතනයක්. සොෆ්ට්ලොජික් ආයතනයට ටෙන්ඩරය නොදී අතිගරු ජනාධිපති යටතේ පවතින ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයට දෙන්න කියලා අපි ඉල්ලනවා. අපේ සියලුම වෘත්තීය සමිති ඒ්කට සහයදෙනවා".
 
 
නීතිපතිතුමාගේ පවා අනුමැතිය හිමිවෙලා තියෙනවා
 
අනුර පීරිස්- ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම්,
 
"අපි දැඩිව කියා සිටින්නේ දුම්රිය ප්‍රවේශපත්‍ර  ක්‍රියාවලිය පුද්ගලික ආයතනයක් සමග සිදුනොකළ යුතුයි කියලා. මේ පිළිබඳ අපි ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ සියලුම පක්ෂවලට, නායකයින්ට දැනුම්දුන්නා. ඒහෙම වුණොත් අපට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව දැනුම්දුන්නා. ඒ්ත් ඒ් ගැන කිසිදුතැකීමක් නොමැතිව කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුවේ ප්‍රධාන පුද්ගලයින්ගේ වුවමනාව මත මෙම ක්‍රියාවලිය සොෆ්ට්ලොජික් ආයතනයට දීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ් සඳහා නීතිපතිතුමාගේ අනුමැතිය ලැබිලා තියෙනවා. අපි මේ ගැන ප්‍රවාහන ඇමතිතුමාටත්, දැනුම්දුන්නා. මෙය ක්‍රියාත්මක වුණොත්  රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සියල්ල එකතු කරගෙන දැවැන්ත වෘත්තීය සමිති අරගලයකට යනවා. යහපාලන ආණ්ඩු සමයේ හොර තක්කඩියන්ගේ ක්‍රියා මාර්ග නතර කිරීමටයි අපි ඉදිරියට ආවෙ. ඒ් වෙනුවෙන් දින 14ක වැඩවර්ජනයක් කරලා, මා සේවයෙන් පහකිරීමට පවා ලක්වුණා. ඒහෙව් වැඩ වර්ජන කරලා ජනපති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙනාවෙ මෙවැනි දේවල් සිදුවෙන්න නෙවෙයි. වෘත්තීව සමිති ලෙස දුම්රිය සේවය රැකගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන් දැවැන්ත වෘත්තීය අරගලයකට පිවිසෙනවා. මේක රාජ්‍ය ආයතනයක් ලෙස ටෙලිකොම් ආයතනයට බාරදෙන්න කියන ස්ථාවරයේ තමා අපි සියලුදෙනා ඉන්නෙ.. 
 
මෙතන ඩොලර් මිලියන 5ක කොමිස් මුදලක් තියෙනවා
 
නදීර මනෝජ්- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම්. 
 
"අපි රජයේ වෘත්තීව සමිති වුණත් සිදුවෙමින් පවත්නා මහා මූල්‍ය වංචාවක් නවත්වා රටට වැඩදායි සේවයක් කිරීම අපේ පරමාර්ථය නිසයි මේ අනාවරණයට එකතුවෙන්නෙ. දුම්රිය දෙපාර්තමේන්තුවට වගේම රටට වැඩදායි දෙයක් කිරීමටයි අපි එකතුවෙලා ඉන්නෙ.  මේක ආරම්භ වෙන්නෙ 2018 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ, ගිවිසුමක් අත්සන් කරලා දුම්රිය ප්‍රවේශපත්‍ර ව්‍යාපෘතියක් වෙනුවෙන්. මේ ටෙන්ඩරය මේවන විට චීන සමාගමක් වෙනුවෙන් ආයතනයකට දීලා තියෙනවා. නමුත් මෙම ටෙන්ඩරයේ කිසිම තැනක සඳහන් නොවුණු කාරණයක් පදනම් කරගනිමින් මෙම චීන සමාගම සහ දේශීය සමාගමක් සම්බන්ධ කරගෙන මහා මූල්‍ය වංචාවක් සිදුක‍ිරීමට සැලසුම් කර තිබෙනවා. මේක චීන සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීමේදී ඒහි කිසිම තැනක දේශීය සමාගමක් ගැන සඳහන් නොවුණත්, ආණ්ඩුවේ තැරැව්කරුවන් කිහිපදෙනෙකුත්, මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියක් ඒකතුවෙලා මේ  සොෆ්ලොජික් ආයතනයට දෙන්න යටිකූට්ටු වැඩක් කරලා තියෙනවා. මේක ටෙලිකොම් ආයතනයට 100%ක රාජ්‍ය ආයතනයක්, ජනාධිපතිතුමා යටතේ තියෙන්නෙ. ඒ්ක විශ්වාසදායි. ඩොලර් මිලියන 22ක මෙම ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 5ක කොමිස් මුදලක්  මේ තැරැව්කරුවන්ට ලැබෙනවා. ඒ්කයි මේ අය මේ විදිහට උත්සාහ කරන්නෙ. මේක කිසිදු පුහුණුවක්, අවබෝධයක් නැති පුද්ගලික ආයතනයකට දීලා,  තව අවුරුදු 8න් මේක නඩත්තු කරන්න ඔවුන්ට බෑ. ඒ් ණය මේ රටේ මිනිස්සු ගෙවිය යුතුයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ඒ් නඩත්තු කටයුතු පහසුවෙන් කරන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක් විදිහට ඒ්ක කළ හැකියි.  ජනතාවගේ සියලුම දත්ත පුද්ගලික ආයතනයක් සතුවෙනවා. මෙම පුද්ගලික ආයතන අද තිබිලා හෙට නැතිවෙන්න පුළුවන්. ජනතාවගේ තොරුතුවලට තියෙන ආරක්ෂාව ගැන කිසිම සහතිකයක් නෑ."
 
මේක හොරාකන්නම හදා ගත්තු ව්‍යාපෘතියක් 
 
ඉංදික දොඩංගොඩ- දුම්රිය ඒන්ජිං රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම්,
 
"මෙම ව්‍යාපෘතිය, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ  පසුගිය ආණ්ඩුව සමයේ ගෙනාවම ඊට එරෙහිව පළමුවෙන්ම විරුද්ධවෙලා වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තෙ අපි. එහිම කොටසක් විදිහට කැලණිවැලි දුම්රිය මාර්ගය වංගු සහිත දුම්රිය මාර්ගය, ඒ් අයුරින්ම ඊට ඉහළින් වංගු සහිතව නිර්මාණය කරන්නට දැරූ සැලසුම ගැන අපි කතා කරා. විරුද්ධ වුණා. පවත්නා වංගු සහිත දුම්රිය මාර්ගයම ඒ් ආකාරයෙන්ම ගියොත් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගන්න බැරි බව අපි ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. ඒ්ක පිළි අරන් එකී ව්‍යාපෘතිය නැවත සමාලෝචනය කිරීමට පියවර ගත්තා. දැන් අලුත් විදිහට වංගු නැතිව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් ඉන්නවා. ඒ් පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වෙනවා. ඒ් ආකාරයෙන්ම ටිකටිං ව්‍යාපෘතිය ආරම්භයේ සිටම දූෂිත, හොරාකන්නට සැලසුම් කළ එකක් බව  බව ඉතාම වගකීමෙන් කියනවා. චීන සමාගමට මුලින් ටෙන්ඩරය පිරිනමා තිබුණත් එහි දැවැන්ත ගැටලු තියෙනවා. ඒ් සුදුසුකම් චීන සමාගමටත් නෑ.
මේ සුදුසුකම් පරීක්ෂා කරන්නට පත් කළ කමිටුවේ තොරතුරු තාක්ෂණය ගැන දන්නා කිසිදු කෙනෙක් හිටියෙ නෑ. ඒ් නිලධාරින් මුදලට යොදාගත්තු නිලධාරීන් පමණයි. මෙම ව්‍යාපෘති කාර්යාලයට ඩොලර් මිලියන 27ක් වියදම් කරලා තියෙනවා. එයින් එ‍ක රුපියලක වැඩක් දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ රටට වෙලා නෑ. මේ ටිකටිං ව්‍යාපෘතියේ හොර ගනුදෙනුව නවත්වන්න කියලා රාජ්‍ය සේවයේ , අර්ධ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් ඒකතුවෙලා තියෙනවා.  එළඹෙන සතියේ මේ ගිවිසුම අත්සන් කරන්න යනවා. වරාය නැගෙනහිර ජැටිය ප්‍රශ්නයේදී ගරු අගමැතිතුමත් මැදහත් වුණා. මේ අවස්ථාවේ ඔබතුමාගෙ වෘත්තීය සමිති එකතුවෙලා කරන ඉල්ලීමට එකඟවෙන්න කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලනවා. මේක අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙනවා නම් අවම වශයෙන් එහි ලාංකේය පාර්ශවකරුවෙකු ලෙසවත් මේ විෂය පිළිබඳ නිපුණතාවක්, විශේෂඥභාවයක් සහිත ටෙලිකොම් සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ගරු අමාත්‍යතුමා, ලේකම් තුමා පවා මූලාරම්භයේදී මේ පිළිබඳ අපගේ මතය සමග සිටියත් මේ වන විට ඔවුන් පවා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තම ස්ථාවරය වෙනස් කරගෙන තිබෙනවා. ඔවුන් පවා අසරණ වෙලා තියෙනවා. ඒ් නිසා මේ පසුපස පවත්නා අදිසි හස්තය කුමක්ද කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඒබැවින් ජනාධිපතිතුමා වහාම මැදිහත්වී මේ දූෂණය නැවැත්විය යුතුයි. එහෙම නොවුණොත් අපි රාජ්‍ය සේවයේ සියලු වෘත්තීය සමිත් ඒ්කාබද්ධව දැවැන්ත වෘත්තීය අරගලයකට යන්න අපට සිද්ධවෙනවා.
 
 
 සටහන-පී.ඩබ් මුතුකුඩආරච්චි