ළමා ශ්‍රමිකයන් ඇතිවීමට බලපාන සමාජ සාධක තුරන් කළ යුතුයි

nimal-siripala-silva

ලෝකයේ මෙන්ම අප රටේ ද ළමා ශ්‍රමිකයන් ඇතිවීමට බලපාන ප්‍රධාන සමාජ සාධකය එම පවුල්වල ආර්ථික පසුබිමයි.එම පසුගාමී ආර්ථික තත්වයන්ට නිසි පිළිතුරක් ලබා නොදී නීතියෙන් පමණක් ළමා ශ්‍රමිකයන් බිහිවීම වැළැක්විය නොහැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ජාතික ආර්ථිකය තුළ එවැනි පුළුල් අදහසකට අපේ අවතීර්ණවීම මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය කටයුත්තක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදට යෙදෙන (ජුනි 12 ) ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාර්ගගත ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරන්නට යෙදුන වයස් කාණ්ඩ තුනකට අදාල ළමා ශ්‍රමය පිටු දැකීමේ බාලදක්ෂිකා පදක්කම් නිර්මාණය කිරීමේ තරඟාවලියේ ජයගත් පදක්කම් නිර්මාණ ජනගත කිරීම ද සිදු කෙරිණ.

This image has an empty alt attribute; its file name is nimal-child-1024x387.jpg

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ළමා ශ්‍රමය පරිහරණය පිළිබඳ මේ වසරේ දී විශේෂ සංගණනයක් සිදු කරන බවය.ඒ තුළින් හඳුනා ගනු ලබන ළමා ශ්‍රමිකයන්ගේ පවුල් පසුබිම හඳුනාගෙන ඊට අදාලව එම දරුවන් පාසැල් යැවීමෙන් මට දිරි ගැට දිරිගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කරන බවය.එසේම දරුවන් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වැදගත්කම පිළිබඳ දෙමව්පියන් මීට වඩා දැනුවත් කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.රජයේ සහනාධාර වැඩපිළිවෙළවල දී එම පවුල්වල දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස යොදා නොගැනීම ප්‍රධාන කොන්දේසියක් ලෙස එම පවුල්වල එකඟ කරවා ගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.නමුත් අපේ රටේ ළමා ශ්‍රමය ලෝකයේ අනෙක් රටවල ළමා ශ්‍රමය ලබා ගැනීමට අදාළව ඉතාමත් පහළ මට්ටමක පවතින බව ද එම තත්ත්වය තවදුරටත් අපි දියුණු කරගනිමින්, මේ රටේ ළමා ශ්‍රමය තුරන් කිරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ලෝක කම්කරු සංවිධානය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නිත්‍ය නියෝජිත (sim rinsing) සිම්රින් සින් මහත්මිය කියා සිටියේ කොමික් වසංගතය හේතුවෙන් ලෝකයේ ළමා ශ්‍රමිකයන් ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය.ළමා ශ්‍රමිකයන් ලෝකෙන් තුරන් කිරීමට ඔවුන්ට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් අපි කිරිම සහ ඔවුන් අධ්‍යාපනයට යොමුවීම ශක්තිමත් කළ යුතු බවය.

This image has an empty alt attribute; its file name is nimal-child-1.jpg

කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ ,මෙරට ළමා ශ්‍රමිකයන් පිළිබඳව අවසන් වරට සමීක්ෂණයක් කර ඇත්තේ 2016 දී බවය.එම නිසා මේ වසරේ දී විධිමත් සමීක්ෂණ කරමින් මෙරට ළමා ශ්‍රමිකයන් පිළිබඳයක් කර මෙන් මෙරට ළමා ශ්‍රමිකයන් පිළිබඳ නිවැරැදි දත්ත ලබාගෙන ඔවුන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වන ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කරන බවය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස් සුලාරි ජයවර්ධන මහත්මිය ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ද එක් වූහ.