නාවින්න කොවිඩ් රෝහලේ වෛද්‍යවරුන්ගේ ගැටළු විසඳන ලෙස ඉල්ලයි

acmoa

නාවින්න ආයුර්වේද රෝහල සඳහා වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු සම්බන්ධව අවධානය යොමු කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක් යොමුකරමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියට වැඩිදුරටත් සඳහන් කරන්නේ, රජසේ තීරණයට අනුව කොවිඩ් -19 රෝගීන්නට ප්‍රතිකිර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර ඒකකයක් ලෙස නාවින්නන ආයුර්වේද රෝහල ලබා ගැනීමටත් ඒ සඳහා මහරගම අපේක්ෂා රෝහලේ දැනටමත් සේවයේ නියුතු වෛද්‍යවරුන් අනුයුක්ත්‍ කිරීමටත් තීරණය කර ඇත. එම තීරණය මගින් ඇතිවිය හැකි පහත සඳහන්න ගැටලු සම්බන්ධව ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

  1. නාවින්න ආයුර්වේද රෝහලේ සේවයට පැමිණෙන නේවාසික වෛද්‍යවරුන්ට නැවතී සිටීම සඳහා ප්‍රමාණවත්ම පහසුකම් නොමැතිවීම,
  2. එම වෛද්‍යවරුන් ගේ සහයට සිටින හෙද කාර්ය මණ්ඩලයට ආයුර්වේ රෝහලේ දැනට සේවය කරන පිරිසම බැවින් වෛද්‍යවරුන් නිර්දේශ කරන සාමාන්‍ය කටයුතු ඉටු කිරීමට සහෝ හදිසි අවස්ථාවලදී ක්‍රියා කිරීම සඳහා පුහුණුවක් නොමැති වීම,
  3. හදිසි අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මේතෙක් ලබා දී නොමැතිවීම,
  4. හදිසි අවස්ථාවකදී බරපතළ ත්‍ත්වයකට පත්වන රෝගීන් වෙනත් රෝහල් කරා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ගිලන්රථ පහසුකම් නොමැති වීම,
  5. රෝගී සත්කාරක සේවා බටහිර වෛද්‍ය ක්‍රමයට මෙන්නම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ද සිදු කිරීමට නියමිත බැවින් එසේ සිදු කිරීමෙන් ප්‍රතිකාර ලබන රෝගීන් ට සංකූලතා ඇතිවීමේ අවදානම පිළිබඳව වගකීම,
  6. මහරගම අපේක්ෂා රෝහලේ සායන හා සැලසුම් කළ සැත්කම් කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද දිගටම පවත්වාගෙන යන බැවින් ඒ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කොටසක් දිගු කාලීනව නාවින්නන ආයුර්වේද රෝහලට අනුයුක්ත කර තබා ගැනීම අපහසුය. එබැවින්න මෙම වසංගත ත්‍ත්වය අවසන් වන තෙක් එම රෝහලේ සිටින රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ස්ථීර වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ආයුර්වේද රෝහලට පත් කිරීම අත්‍යාවශ්‍යය.

මෙම ගැටලුවට කඩිනම් පිළියම් යොදමින් නාවින්න ආයුර්වේද රෝහලේ සිටින කොවිඩ් රෝගීන් වෙනුවෙන් සිදුකරන ප්‍රතිකාර කටයුතු සාර්ථව සිදුකිරීම සඳහා ඔබගේ මැදිහත්මවීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරමු.