ලංකා බැංකුව සතු GOH ගොඩනැගිල්ල සෙලන්දීවාට පවරා ගැනීමට විරෝධය

cbeu-selendiva

පසුගියදා රජය විසින් ඉහත සඳහන් යෝර්ක් වීදිය ගොඩනැගිල්ල සෙලන්දිවා (Selandiva) නමැති ආයතනය යටතට පවරා ගැනීමකට කටයුතු කරමින් පවතින බවට තොරතුරු වාර්තාවන අතර, එය එසේ වන්නේ නම් ඊට බරපතල ලෙසින් විරෝධය පළකරන බව ලංකා බැංකු සේවක සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, 1955 අගෝස්තු මස 01 වන දින ලංකා බැංකුව විසින් මිලදී ගනු ලැබූ යෝර්ක් වීදිය ගොඩනැගිල්ල වසර 30 කට අධික කාලයක් බැංකුවේ ප‍්‍රධාන කාර්යාලය ලෙස භාවිතා කරන ලදී.

කොළඹ කොටුවේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසුව ප‍්‍රධාන කාර්යාලය එහි ස්ථාපනය කරන ලද අතර, පළාත් කාර්යාල ඇතුලූ දෙපාර්තමේන්තු හා ශාඛා ගණනාවක් එහි සිට ක‍්‍රියාත්මක කරන ලදී. ඊට අමතරව ග‍්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (GOH) එම ගොඩනැගිල්ලේ එක් පසෙක ක‍්‍රියාත්මක වේ.

මෙම පෞරාණික හා සංස්කෘතිමය වටිනාකමින් අනූන ගොඩනැගිල්ල ලංකා බැංකුවට අයත් වුවද එය පුරාවිද්‍යාත්මක වටිනාකමක්ද සහිත සමස්ථ ජාතියට අයත් ගොඩනැගිල්ලක් බවට සංගමය විශ්වාස කර සිටී.

පසුගියදා රජය විසින් ඉහත සඳහන් යෝර්ක් වීදිය ගොඩනැගිල්ල සෙලන්දිවා (Selandiva) නමැති ආයතනය යටතට පවරා ගැනීමකට කටයුතු කරමින් පවතින බවට තොරතුරු වාර්තාවන අතර, එය එසේ වන්නේ නම් ඊට බරපතල ලෙසින් විරෝධය පළකරමින් කටයුතු කිරීමට සංගමය තීරණය කර ඇත.

රාජ්‍ය ආයතන මෙන්ම එම ආයතනවල වත්කම් බාහිර ආයතන වෙත විකිණීම හෝ පැවරීමට ලංකා බැංකු සේවක සංගමය දැඩි ලෙස විරුද්ධ බවට සංගමය විසින් ඉතිහාසයේ සිට කටයුතු කරන බවද, ඇතැම් අවස්ථාවලදී ඔබතුමාගේද දැඩි සහයෝගය හිමිවූ බව කෘතවේදීව සිහිපත් කර සිටිමු.

කෙසේ වෙතත් අදාල ගොඩනැගිල්ල අවශ්‍ය අළුත්වැඩියා කිරීම් වලින් අනතුරුව බැංකුවේ පරිහරණයට අවශ්‍ය ඉඩකඩ වෙන් කිරීම් වලින් අනතුරුව විශාල ඉඩකඩක් ඉතිරිවන අතර, බැංකුවේ අයිතියට යටත්ව එම ඉඩකඩ බදු හෝ කුලී පදනම මත සුදුසු ආයෝජකයින් සඳහා ලබාදීමකට කටයුතු කිරීම වඩාත් සුදුසු බවට සංගමය දැඩිව විශ්වාස කර සිටී.

ඉහත තත්වයන් සළකා බලමින් ලංකා බැංකුව සතු යෝර්ක් වීදිය ගොඩනැගිල්ල ලංකා බැංකුවේ අයිතියෙන් බැහැර නොකිරීමටත්, ආයෝජන සඳහා අප විසින් සිදුකර ඇති යෝජනාව කෙරෙහි ඔබතුමාගේ ගෞරවණීය අවධානය යොමුකර සිටිමු.