සංචරණ සීමා යලිත් දික්වෙන ලකුණු-මෙන්න අලුත් ආරංචිය

සංචරණ සීමා යලිත් දික්වෙන ලකුණු-මෙන්න අලුත් ආරංචිය
එළැබෙන සඳුදා දිනය වනවිට (21) මෙරට තුළ කොවිඩ් මරණ අවම නොවුනහොත් ලබන 30 වෙනිදා දක්වාම සංචරණ සීමා දීර්ඝ කිරීමට ආණ්ඩුවේ අවදානය යොමුව ඇති බව වාර්තා වේ.
 
සංචරණ සීමා ලබන සඳුදා (14 වැනිදා) අලුයම 4.00 ඉවත් කරන බවට පෙර නිවේදනය කළත් දීපව්‍යාප්තව පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් 21 වෙනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට රජය තීරණය කරන ලදී.
 
අදවනවිට කොවිඩ් මරණ සංඛ්‍යාව 2011 වන අතර පසුගිය සිකුරාදා (11 වැනිදා) මරණ 101ක් වාර්තා විය. ඉන් මරණ 30ක්ම නිවාසවල සිදු වූ මරණ වේ.
 
කෙසේ වෙතත් මියයන ප්‍රමාණය අඩු නොවුනහොත් එලැබෙන 30 වනතෙක් සංචරණ සීමා පැනවෙනු ඇති.