බස්නාහිර පළාතේ ‘සේවකයින් කැදවීම පිළිබඳ‘ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරයි

dr-asela-gunawardhana

බස්නාහිර පළාතේ රජයේ, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා සේවා ස්ථානවල ධාරිතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යාවත්කාලීන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ අත්‍යවශ්‍ය සේවා ලෙස වර්ගීකරණය කරන ලද රජයේ ආයතනවල ප්‍රධානීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයේ දක්වා ඇති සේවා ස්ථාන ධාරිතාව මත පදනම්ව සේවකයින් සහ නිලධාරීන් කැඳවිය හැකි බවයි.

එසේම, අත්‍යවශ්‍ය නොවන සේවාවන්ට අනුයුක්තව සිටින රජයේ, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන්ට සතියකට උපරිම වශයෙන් දින දෙකක් තම සේවකයින් හා නිලධාරීන් කැඳවිය හැකිය.

මෙම සේවකයින්ට සහ නිලධාරීන්ට තම නිවෙස්වල රාජකාරිවලට සහභාගී වීමට නොහැකි වුවහොත් පමණක් වැඩ කිරීමට වාර්තා කිරීමට අවසර දෙනු ලබන අතර ඔවුන් සඳහා කාර්යාල ප්‍රවාහන පහසුකම් සැපයිය යුතුය.

බස්නාහි පළාතේ පොදු ප්‍රවාහන පහසුකම් සපයනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවාවන්හි සේවකයින් සඳහා පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ.