කුමන්ත්‍රණය සහ කුමන්ත්‍රණකරුවා වහා හෙලිදරව් කරන්න

ravi-kumudesh

 

ජනාධිපති කාර්ය සාධන බලකායේ සිටිමින්, රටේ ජනාධිපතිවරයා ඉදිරියේ වසංගත පාලන අංශයේ කුමන්ත්‍රණකරුවන් සිටින බව හැඟවීම සාමාන්‍ය ප්‍රකාශයකට එහා ගිය බරපතළ ප්‍රකාශයකි. එබැවින් මෙම කුමන්ත්‍රණ කරුවා සහ මන්ත්‍රණය කුමක්දයි රටට හෙළිදරව් විය යුතුය.

එකී කුමන්ත්‍රණ ප්‍රකාශයෙන් පසු, වසංගත රෝග අංශයේ ප්‍රධානියා ඉවත් කොට තිබීම මගින් රටට ඒත්තු ගොස් ඇත්තේ, වසංගත රෝග අංශයේ ප්‍රධානියා කුමන්ත්‍රණ කරුවෙකු බව ය. කුමන්ත්‍රණ ප්‍රකාශය වැරදි වුවද, නිවැරදි වුවද, එය සාපරාධී තත්වයකි.

එය එසේ වූයේ නම් රටේ වසංගතය සියතට ගනිමින් කටයුතු කරපු නිලධාරියෙකු පවා කුමන්ත්‍රණ කරුවකු වීම තුළ මහජනතාවට සෞඛ්‍ය සේවාව පිළිබඳව දැඩි අවිශ්වාසයක් ඇතිවීම මගින් භයානක තත්ත්වයක් නිර්මාණය වේ. එසේම එම ප්‍රකාශය සාමාන්‍ය සම්ප්‍රපලාපයක් නම්, කාලයක් තිස්සේ විශාල වෙහෙසක් දරා වසංගතය මැඩීමට කටයුතු කරපු නිලධාරියකු ට සිදු කරණු ලැබූ අපරාධයකි.

එබැවින් කුමන්ත්‍රණය සහ කුමන්ත්‍රණ කරුවා පිළිබඳව "අපරාධ විමර්ෂණයක්" වහා සිදු කළ යුතුය.

රවී කුමුදේස්