ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉල්ලා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත හා අනෙකුත් වගකිව යුතු මාධ්‍ය ආයතන හා සංවිධාන වෙත ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
ඒම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තරාතිරම්වල කටයුතු කරන කාන්තාවන් මුහුණ දුන් ලිංගික හිංසන සම්බන්ධයෙන් මේ දිනවල ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩනැගී තිබෙන සංවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අවධානය යොමු වී තිබේ. එවැනි විවෘත සංවාදයක් ආරම්භ කිරීමට ඉදිරිපත් වූ සියලුදෙනාට අපි ස්තූතිවන්ත වෙමු.
ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවල සිදුවී යැයි කියන මේ සිදුවීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ඇරඹුණද, සිංහල සහ දෙමළ භාෂාවෙන් වැඩ කරන ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ද මෙවැනිම තත්ත්වයන් ඇති බව පෙන්වාදීමට කැමැත්තෙමු. මෙවැනි හිංසනයන්ට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්ට මුහුණදීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රීි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි කණගාටුවට පත්වෙමු. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්ට දිගින්-දිගටම සිදුවන ලිංගික හිංසනයන් වහාම නතර කිරීමේ අවශ්‍යතාව මතුකරමින් පහත කරුණු ඔබතුමාට පෙන්වාදීමට කැමැත්තෙමු.
මෙරට ඇතැම් ජනමාධ්‍ය ආයතන තුළ සේවය කරන මාධ්‍යවේදිනියන්ට මෙන්ම කාර්යාලයෙන් පිටත සේවය කරන මාධ්‍යවේදිනියන්ට ද (ප්‍රාදේශීය වශයෙන්), මාධ්‍ය ආයතනවල වෙනත් අංශවල රැකියා කරන කාන්තාවන්ට ද මාධ්‍ය ආයතනවල ඇතැම් ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් නොව කර්තෘවරුන් සහ සංස්කාරකවරුන්ගෙන් ද ලිංගික හිංසන සිදුවූ අවස්ථා ගණනාවක්ම වාර්තා වී තිබේ. එවැනි ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් වන සියලු සාක්ෂි සහ තොරතුරු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමට හිංසනයට පත් ජනමාධ්‍යවේදිනියන් සහ තවත් මාධ්‍යවේදීන් කණ්ඩායම් උත්සාහ කළ අවස්ථා ද තිබෙන නමුත් එවැනි අවස්ථාවල බොහෝ විට සිදුවී තිබුණේ ආයතන ප්‍රධානීන් විසින් ඒවා නොසලකා හැරීම ය. ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අදාළ වගකිවයුත්තන්ට එරෙහිව කටයුතු නොකිරීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි කණගාටුවට පත්වෙමු.
ඇතැම් ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසනයන් ක්‍රම කිහිපයක් අනුව සිදුවන බව අප සංගමය නිරීක්ෂණය කර තිබේ.
ලිංගික හිංසනයන් ඉවසා ගත නොහැකිව ජනමාධ්‍යවේදිනියන් ආයතනවලින් ඉවත්ව ගිය අවස්ථා කිහිපයක් ද වාර්තා විය. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් වඩාත් සැලකිලිමත් විය යුතුය.
මෙවැනි අපයෝජනවල බරපතළකම පෙන්වාදීම සඳහා සමන්ති මනෝහරී පැලකැටිය එදිරිව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය (SC/FR/No. 76/2012) නඩු තීන්දුවේ කොටසක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමු.
'කිසියම් කාලසීමාවක් පුරා අඛණ්ඩව ලිංගික අතවරයන්ට හා අපයෝජනයන්ට ලක්වීමෙන් ඕනෑම මනුෂ්‍යයෙකුට කායික හා මානසික හානියක් සිදුවන බව මාගේ වැටහීම වන්නේ ය. අපයෝජකයාගේ නිර්ලජ්ජිත බව හෙළිකරවන, එවන් අපයෝජනයන්ට හා හිරිහැරයන්ට එසැණින් ප්‍රතිචාර දක්වා අපයෝජකයා පසුබැස්වීමට ලක්කිරීමට හැකි ශක්තිමත් පෞරුෂයක් ඇති කාන්තාවකට මිස අපයෝජනවලට විශාල වශයෙන් ගොදුරු වන කාන්තාවන්ට එවන් අපයෝජනවලට විරුද්ධ වීමට නොහැකි ය.
අඛණ්ඩ තර්ජන හා අපයෝජන නිසා පුද්ගලයෙකු කායික හා මානසික වශයෙන් රෝගී විය හැක. මේ සම්බන්ධ මගේ අදහස් නීතියට ගරු කරන ඕනෑම කෙනෙකුට භාවිත කිරීමට හැකි අතර, එය එසේ සිදුවිය යුතුය. එබැවින් වධ වේදනාවන්ට ගොදුරු වූ, මහජන සේවකයන් කිහිපදෙනෙකු නිසා පීඩාවට පත්වූ පෙත්සම්කාරිය සතු භාෂණයේ නිදහස, ඇගේ අදහස් දැක්වීම් ආයතන සංග්‍රහයට පටහැනි වුව ද, සාමාන්‍ය හා ස්වභාවික ප්‍රතිචාර වන්නේය.'
ලිංගික හිංසනයන් නිසා මානසික හානියක් සිදුවන බව එම නඩු තීන්දුවෙන් පැහැදිලි වන අතර, වෛද්‍යවරුන්ද මේ අදහස ම දක්වා තිබේ.
කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතියට (CEDAW) 1998 ජූලි 17 දින එකඟවීමෙන්, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර ඇති අතර, එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම ශ්‍රී ලංකාවට තිබේ.
මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර ජනමාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන්ට තම ආයතන තුළ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ පීඩාවකින් තොරව, ලිංගික හිංසනවලට භාජනය වීමකින් තොරව නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට රජයට, සියලුම ජනමාධ්‍ය ආයතනවලට , ජනමාධ්‍ය සංවිධානවලට සහ ජනමාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙන බව අපි විශ්වාස කරමු. එබැවින් පහත සඳහන් යෝජනා සලකා බලා ඒවා ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම ඉල්ලීම් ජනමාධ්‍ය ආයතන වෙත යොමු කර මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පවත්වා කාන්තාවන්ට නිදහසේ සේවය කළ හැකි වටපිටාවක් නිර්මාණය කර දෙන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.
මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර, කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
