රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කරන්න

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කරන්න
රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම සම්බන්ධ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් ජනාධිපති තුමාට ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබේ.
 
එම සම්පූර්ණ නිවේදනය පහතින්...
 
ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ 01.
ජනාධිපතිතුමනි,
 
2020/21 බදවාගත් අභ්යාසලාභීන් ස්ථිර කිරීම සම්බන්ධවයි
 
රැකියා ලබාදීමේ ඉතිහාසය
 
උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළව පැවති සහ පවතින කිසිදු ආණ්ඩුවකට නිශ්චිත වැඩපිළිවෙළක් තිබුණේ නැත. රැකියා ලබාදුන් 2004, 2012, 2016, 2018, 2019 සහ 2020/21 වසරවල උපාධිධාරීන්ට රැකියා ලබාදුන්න ද ඒ සියල්ල ලබාදුන්නේ රැකියා විරහිත උපාධිධාරීන් අඛණ්ඩ කළ අරගල නිසාවෙන් බව අමුතුවෙන් ස`දහන් කළ යුතු නැත.
 
රැකියා විරහිත උපාධිධාරීන් අරගල කළේ වාර්ෂිකව රැකියා දෙන වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි. 2004 වසරේ උපාධිධාරීන් 42000ක් රැකියා ගත කළ අතර ඉන් පසුව හෝ වාර්ෂිකව උපාධි ලබාගන්න උපාධිධාරීන් විධිමත්ව රැකියා ගත කිරීමට වැඩපිළිවෙළක් සකස් කරේ නැත.
 
2004 වසරෙන් පසු 2012 දක්වා වසර 8ක් දීර්ඝ කාලීන අරගලයකින් පසුව උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 52000කට රැකියා ලබාදුන් අවස්ථාවේ ද පැවති ආණ්ඩුව රැුකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමට අදාළ නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැත. පැවති දේශපාලන වටපිටාවත් පැවති විරෝධතාත් නිසා 2012 වසරේ උපාධිධාරීන් රැකියා ගත කළද එම පිරිස විධිමත්ව රාජ්ය සේවය තුළ ස්ථානගත කිරීමක් සිදු නොවුණි. 2012 බ`දවාගත් උපාධිධාරීන් ස්ථිර රාජ්ය සේවයට ඇතුළත්ව වසර 8ක් ගතවීත් තවමත් රාජකාරී ලැයිස්තුවක් හෝ ලබාදීමට මෙතෙක් නොහැකි වී ඇත.
මෙවන් තත්වයක් තුළ ය 2020/21 වසරේ උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් අභ්යාසලාභීන් ලෙස රාජ්ය සේවයට බ`දවා ගනුයේ.
 
වත්මන් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළෙ ගැටලූ
 
2020 පෙබරවාරි මස 5 වන දින ඔබතුමා විසින් ඉදිරිපත් කළ PS/CM/OMC/15/2020 අංක සහිත රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම මැයෙන් ඉදිරිපත් කළ අමාත්ය මණ්ඩල සංදේශය අනුව අයදුම්පත් කැදවන ලදී. අයදුම්පත් කැදවන ලද්දේ අමාත්යාංශ හා දෙපාර්තමේන්තු 12කට ය
 
ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අදාළ අය`දුම්පත් මුලින්ම කැ`දවන ලදී. ඒ අනුව මාර්තු 2 දින පත්වීම් ලබාදෙන ලදී. පසුව ජනාධිපතිවරයා විසින් මහ මැතිවැණය නිවේදනය කළ අතර මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අනුව එකී පත්වීම් මැතිවරණය අවසන් වන තුරු ලබාදීම නවතන ලදී.
 
පසුව මහ මැතිවරණය අවසන්ව සැප්තැම්බර් 2 දිනට අභ්යාසලාභීන් ලෙස බ`දවා ගැනීමට කටයුතු කරන ලද්දේ මාර්තු ලබාදුන් පත්වීම් සියල්ල අහෝසි කරමිනි. ඒ අනුව මාස 6ක කාලයක් මුලින් ම අහෝසි කරන ලදී.
 
අනතුරුව සැප්තැම්බර් මස පත්වීම් ලබාදීමේ දී පදනම් විරහිතව අසාධාරණ ලෙස උපාධිධාරීන් 10000කට ආසන්න පරමාණයක් පෞද්ගලික අංශයේ සේවය කර ඇතැයි පවසමින් රැුකියාගත නොකරන ලදී. ඒ සමගම මතුවූ දැවැන්ත විරෝධය හමුවේ එම උපාධිධාරීන් නැවත රැකියාගත කිරීමට ආණ්ඩුවට සිදු විය. එහිදී නැවත අභියාචනා කැදවමින් 2021 පෙබරවාරි මස තවත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් පරමාණයක් බදවාගන්නා ලදී. මේ වනවිට අවස්ථා 3ක උපාධිධාරීන්” ඩිප්ලෝමාධාරීන් පුහුණුවට බ`දවාගෙන ඇත. තවත් පිරිසක් බදවා ගැනීමට නියමිතව ඇත.
 
ඒ අනුව මේ වනවිට බදවාගෙන ඇති සමස්ත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් පරමාණය 52589ක් වේ. නමුත් ඔබතුමා පසුගියදා ජාතිය අමතමින් කළ කතාවේ පරකාශ කළේ උපාධිධාරීන් 65000කට රැුකියා ලබාදී ඇති බවයි. එය අසත්ය කරුණකි.
 
කැබිනට් අනුමැතිය අනුව අනුමත රැුකියා 60000 සම්පූර්ණ කිරීම සදහා තවත් උපාධිධාරීන් 7411ක් බ`දවාගත යුතුය. ඒ සදහා අප විසින් දැනටමත් 2020 සහ 2021 යන වසරවල උපාධි ලබා ඇති රැකියා විරහිත උපාධිධාරීන් බ`දවා ගන්නා ලෙස ඉල්ලා ඇත.
 
බ`දවාගත් අභ්යාසලාභීන් අයදුම්පත් කැදවූ අමාත්යාංශ හා දෙපාර්තමේනතුවලට අනුයුක්ත කිරීම පසෙකලා මේ වනවිට අභ්යාසලාභීන් පරාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති අතර පරාදේශීය ලේකම් කාර්යාල හරහා අභ්යාසලාභීන් වෙනත් ආයතන වෙත තාවකාලිකව අනුයුක්ත කර ඇත. බ`දවාගත් දිනවල පුහුණවක් ලබාදීමට වැඩපිළිවෙළක් සකසා තිබූ අතර එයද කිසිදු සමාලෝචනයකින් තොරවම අහෝසි කර දමා ඇත. බ`දවාගත් අභ්යාසලාභීන් දුෂ්කරතා රැුසක් මැද මේ වනවිටත් ස්ථිර රාජ්ය සේවකයින් විසින් සිදුකරනු ලබන රාජකාරී කටයුතු කරමින් ඇත.
 
යෝජනා
 
02. බ`දවාගත් අභ්යසාලාභීන්ගේ පුහුණු කාලය වන වසර 2021 සැප්තැම්බර් 2 දිනට සැපිරේ. නමුත් මේ වනවිටත් දැනගන්නට ලැබී ඇති තොරතුරු අනුව එම අභ්යාසලාභීන් ස්ථිර කිරීමට අදාළ වැඩපිළිවෙළක් සකස් වී නොමැත. විශේෂයෙන් 2018 සහ 2019 බ`දවාගත් අභ්යාසලාභීන් ස්ථිර කිරීමේ දී පවා සැලකිය යුතු කාලයක් ගත වූ අතර එම කණ්ඩායම් ස්ථිර කිරීමේ දී මාස 5ක සේවා කාලයක් පවා අහිමි කරන ලදී.
 
03. මෙම අභ්යාසලාභීන් ස්ථිර කිරීමේ දී දැනට පුහුණුව ලබන ආයතනවල ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින අතර පුහුණුව ලබන ආයතනවල ස්ථිර වීමට අකමැති අභ්යාසලාභීන්ට කැමති ආයතනයක් ඉල්ලූම් කිරීම සදහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.
 
04. මේ පිළිබදව ඔබතුමාගේ අවධානය යොමුකොට බ`දවාගෙන ඇති සියලූ අභ්යාසලාභීන් 2021 සැප්තැම්බර් 3 දිනට ස්ථිර කිරීමට අදාළ කටයුතු සිදුකරන මෙන් ඉල්ලා සිටින අතර මේ පිළිබ`දව යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට සාකච්ඡුාවක් අදාළ බලධාරීන් හා ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.
 
ස්තූතියි.
මෙයට,
ධම්මික මුණසිංහ
ලේකම්
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානය
 
පිටපත්
අගමැතිතුමා
අමාත්ය - රාජ්ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය
අමාත්ය - අධ්යාපන අමාත්යාංශය
ලේකම් - රාජ්ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය
ලේකම් - මුදල් අමාත්යාංශය
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් - රාජ්ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය
සියලූම දිස්තිරක් ලේකම්වරුන්
සියලූම පළාත් ලේකම්වරුන්
සියලූම පරාදේශීය ලේකම්වරුන්
සියලූම මාධ්ය ආයතන