අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණු පුහුණුව සඳහා බඳවාගත් උපාධිධාරීන්ගෙන් 154 කට ආසන්න සංවර්ධන නිලධාරීන් ප්‍රමාණයක් 2021.01.01 දින සහිතව අධිකරණ අමාත්‍යාංශය යටතේ ස්ථීර කර ඇති අතර, ඔවුන්ගේ මාස 4ක පමණ කාලයක හිඟ වැටුප් මෙතෙක් ගෙවා නොමැති බවත්, හිඟ වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2019.08.01 සහ 2019.09.16 යන දිනයන්හි අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණු ii සහ iii අදියර යටතේ පුහුණුව සඳහා බඳවාගත් උපාධිධාරීන්ගෙන් 154 කට ආසන්න සංවර්ධන නිලධාරීන් ප්‍රමාණයක් 2021.01.01 දින සහිතව අධිකරණ අමාත්‍යාංශය යටතේ ස්ථීර කර ඇත.
ඉහත සඳහන් සංවර්ධන නිලධාරීන් සිය වසරක අභ්‍යාසලාභී පුහුණු කාලය සම්පූූර්ණ කර අතිරේකව ද මාස 05 කට ආසන්න කාලයක් පුහුණු දීමනා යටතේ සේවය කිරීමට සිදු වූ අතර නියමිත දිනට ස්ථීර නොකිරීමෙන් ද ඔවුන්ට අසාධාරණයක් සිදුව ඇත.
2021.01.01 දිනට ස්ථීර කළ පසු එදින සිට ඔවුන්ට හිමි ස්ථීර වැටුප ලබා ගැනීම ඔවුන්ට හිමි අයිතියකි. කුමන හෝ හේතුවක් මත මේ දක්වා මාස කීපයකට අදාළ ස්ථීර වැටුපේ හිඟ මුදල් නොලැබීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා වූ කරුණු නිවැරදි නම් එම සංවර්ධන නිලධාරීන්ට හිමි මාස 04 කට ආසන්න හිඟ වැටුප් මුදල ගෙවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
