ජනාධිපතිතුමා ඉදිරියේ සෞඛ්‍ය ලේකම්ලා සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වගේ - “වර්ජන ඇතිවෙන්නේ ඒ නිසයි"

ravi-kumudesh

පරිපූරක වෛද්‍ය සේවාවේත්, හෙද සේවාවේත්, අතුරු වෛද්‍ය සේවාවේත් මාණ්ඩලික සේවා තත්වය, උසස්වීම් ක්‍රමය, අමතර දීමනා ක්‍රමය, උපාධි වැටුප කප්පාදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට අවැසි පරිදි වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීන්ගේ ස්වාධීනත්වය සහ අභිමානය කෙලෙසීම අරමුණු කරගෙන.

එම අසාධාරණය සිදු වුණේ එකට, එය නිවැරදි කරන ලෙස ඉල්ලීම් කෙළේ අරගල කලේ එකට. නමුත් අගමැතිතුමා සාකච්චා දෙන්නේ දේශපාළණ හිතවත් කමට, එක සංගමයකට විතරයි. ජනාධිපතිතුමා ඒ වැරද්ද නිවැරදි කරනවා වෙනුවට ඒ වැරැද්දට තටු දෙනවා. ඒනිසාම අර්බුදය පිළිබඳ නිවැරදි, සමබර අදහසක් හෝ තොරතුරු ඔවුන්ට ලැබෙන්නේ නැහැ.

ඒ වගේම මේ සාකච්ඡාවලට සහභාගීවන සෞඛ්‍ය ලේකම්වරයාට වෛද්‍ය නිලධාරීන් හැර වෙනත් කිසිවෙකු පිළිබඳ අවබෝධයක් නැහැ. ඔහුගේ කිසිදු සාක්ච්ඡාවකට වෛද්‍ය නිලධාරීන්ට හැර වෙන වෘත්තිකයෙකුට විසඳුම් ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ සාකච්ඡා වලට ඔහුව කැදවන්නේ ඉල්ලීම් වල සැබෑ පසුබිම දැන ගන්න. ඔහු සාකච්ඡා වල ඉඳලා තියෙන්නේ ගල් බිල්ලෙක් වගේ. ඒ නිසාම නිවැරදි විසඳුම පවා වැරදි විදිහට ක්‍රියාත්මක කිරීම නිසා හෙදියන් ඇතුලට ගේන්න ජනාධිපතිවරයා ගත්තු තීරණය තවත් වෘත්තීන් පහළොවක් එළියට දාන්න හේතුවෙලා තියනවා.

මේ වරජනය සදහා අපි එළියට බහිනවා නෙවේ, අපිව එළියට තල්ලු.කරලා තියනවා. ඒ නිසාම මහජනතාවගේ සහ රටේ වසංගත පාළණයට වෙන අනතුර වැරදියට තීරණ ගන්න, වැරදියට සාක්ච්චා කැඳවන, සාකච්චාවල වගකීම් රහිතව ඉදගෙන ඉන්න පාර්ශවයන් භාර ගත යුතුයි.

රවී කුමුදේශ්, සභාපති, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය