‘ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය ගැන‘ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කළ අලුත්ම හෙළිදරව්ව

‘ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය ගැන‘ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කළ අලුත්ම හෙළිදරව්ව

කොඩිව් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියේ  ප්‍රතිඵල තවත්  මාසයකින් පමණ දැකගත හැකිවනු ඇතැයි  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියයි.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 14 දෙනකු යළිත් හදුනා ගැනීම සහ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි දැක්වන නොසැලකිල්ල ගැන කරුණු පැහැදිලි කරමින් ගුණරත්න මහත්මිය පැවසුවේ මේ දිනවල කොවිඩ් මරණ අඩු වී ඇත්තේ  පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා නිසා බවයි.

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මෙසේද  පැවසුවාය. “පර්යේෂකයින් විසින් සැර වෛරසය නැතහොත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 14 දෙනකු  කොළඹ ඇතුළු තවත් බාහිර ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන තියෙනවා. මේ අවස්ථාවේදී අපි මරණවල සහ ආසාදිතයින්ගේ යම් සාමාන්‍ය තත්වයක් දකින්නේ සති තුනකට සංචරණ සීමා දැඩි කරමින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ නිසයි. ඒ නිසා මරණවල අනුපාතයක් අඩුවෙලා තියෙනවා. නමුත් මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රතිඵල දකින්න අපිට තවත් මාසයක් විතර යනවා. ඒ කාලේ වෙනකොට අපිට පාලනයක් යොදන්න හැකියාවක් නැති වෙයි. හැබැයි අපේ නොසැලකිල්ල නිසා මේ රෝගය ඉතාම වේගයෙන් ලංකාව පුරාම පැතිරෙනවා කියලා නම් මට කියන්න පුළුවන් ”  යැයි ගුණරත්න මහත්මිය පැවසුවාය.