බලධාරීන් අපව වර්ජනයකට ඇද දැම්මා

බලධාරීන් අපව වර්ජනයකට ඇද දැම්මා

පරිපූරක වෛද්‍ය සේවාවේ 2021.07.05 වන දින සිට ක්‍රියාත්මක වන දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ අංක JCPSM/Gen/2021 (16) දරණ 2021.07.02 දිනැති ලිපිය මඟින් අවධාරනය කර ඇති පරිදි, අප සේවාවන්ට අදාලව නොවිසඳුනු ගැටළු මෙන්ම ඒක පාර්ශ්වික සාකච්ඡා මඟින් පැන නැඟී ඇති අර්බුධකාරී තත්වයක්ට අදාලවත් හා සමාන්තර සේවා පිළිබඳව කිසිඳු සැලකිල්ලක් නොදක්වමින් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිසි මඟ පෙන්වීමක් සිදු නොකිරීමින් සිදු කල නොසලකා හැරීමට එරෙහිවත් අපගේ විරෝධතාවය පළ කරන අතරම, තීන්දු ගැනීම්දී සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන මෙම අදූරදර්ශී ක්‍රියාපිළිවෙත දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

ඊට අදාලව 2021.07.03 වැනි දින ක්‍රියාත්මක කල සංකේත විරෝධතා හමුවේ නිසි ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් 2021.07.05 වන දින සිට අදාල නිවැරදි කිරීම් සිදු කරන තුරු දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවත් ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.

නමුත් රටේ පවතින වසංගත තත්ත්වය හා මානුෂීය කරුණු පදනම් කර ගනිමින් දිවයින පුරා පිහිටි සියළුම කොව්ඩ් ප්‍රතිකාර ඒකක, පිළිකා ඒකක, වකුගඩු ඒකක, මාතෘ සහ ළමා ප්‍රතිකාර ඒකක, ඇතුළු ICU, ETU, HDU, PBU, හා NICU වල පමණක් ඉතාමත්ම අත්‍යාවශ්‍ය සහ ජීවිත අවධානම් රසායනාගාර පරීක්ෂණ දෛනිකව පෙ.ව. 10.00 ට හා ප.ව. 2.00 ට භාර ගැනීම සිදු කරන බවත් එහිදී අත්‍යාවශ්‍ය හා ජීවිත අවධානම් පරීක්ෂණ ලෙස සාමාන්‍ය හා හදිසි නොවන රසායනාගාර පරීක්ෂණ යොමු කිරීමේ හැකියාවන් වලක්වා ගැනීමට අදාල ආයතන ප්‍රධානීන් සමඟ එකඟතාවයන් ඇති කර ගන්නා බවත් කාරුණිකව දන්වා සිටිමු.

මීට අමතරව සියළු අණුක ජීවී රසායනාගාර වල හා සෙසු රසායනාගාර තුල සිදු කරන කොරෝනා පිසීආර් පරීක්ෂණ, කොරෝනා ස්ථානීය පීසීආර් පරීක්ෂණ සහ ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂණ අත්‍යාවශ්‍ය නේවාසික රෝගීන් සහ මෘතදේහ සඳහා පමණක් සිදුකරන බවත් බණ්ඩාරනායක ගුවන් තොටුපළ අණුක ජීවී රසායනාගාරය හරහා සියළුම ගුවන් මඟීන්ගේ, ගුවන් කාර්යය මණ්ඩලයේ, සංචාරකයන්ගේ සහ විගමනිකයන්ගේ කොරෝනා පීසීආර් පරීක්ෂණ සහ සුපුරුදු පරිදි වෙනත් රෝහල් මඟින් යොමු වන මෘතදේහ පරීක්ෂණ පමණක් සිදුකරන බවත් දන්වා සිටිමු. තවද, මධ්‍යම ලේ බැංකුව හා පර්යන්ත ලේ බැංකු වලට අදාලව අවයව බද්ධ කිරීම්, රුධිර පාරලවින අසාත්මිකතා සහ රෝග, තැලසීමියා, රුධිර වර්ගීකරණය, රුධිර සංඝටකකරණය, රුධිර සංඝටක නිකුත් කිරීම ඇතුළු රෝගියාගේ ජීවිත අරක්ෂාවට අදාලව සිදු කෙරෙන අත්‍යාවශ්‍ය පරික්ෂණ පමණක් සිදු කරන බවත් දන්වා සිටිමු.

උක්ත අත්‍යාවශ්‍ය රසායනාගාර කටයුතු සඳහා සේවයට වාර්තා කිරීමකින් (අත්සන් කිරීමකින්) තොරව ස්වේච්ඡාවෙන් නිළධාරීන් යොදවන බවත් මෙම එකඟතාවයන් වලින් පරිභාගිරව වෘත්තීය ක්‍රියාමාර්ගය අඩාල කිරීමේ අරමුණින් ඇති විය හැකි වෙනත් ක්‍රියාදාමයන් වෙනුවෙන් වෘත්තීය සංගමයේ විරෝධය පල කරන අතරම එසේ සිදු වන ඕනෑම අවස්ථාවක අත්‍යාවශ්‍ය සේවා වලින් පවා ඉවත් වීමටද නොපසුබසින බවද කාරුණිකව දන්වා සිටිමු.