GSP+ බදු සහන ප්‍රතිලාභ සේවකයින්ටත් ලබාදීමට කටයුතු කළ යුතුයි

GSP+ බදු සහන ප්‍රතිලාභ සේවකයින්ටත් ලබාදීමට කටයුතු කළ යුතුයි

ජීඑස්පී  බදු සහනය  ලංකාවට ලබා දීමේදී අන්තර් ජාතික  කම්කරු  සංවිධානයේ  මුලික සම්මුතින් 8ක්ම ක්‍රියාත්මක  කිරීම අනිවාර්ය  කර ඇත.

මින් යුරෝපීය  සංගමය අපේක්ෂා  කරන්නේ කම්කරු  අයිතිවාසිකමි භුක්ති  විදිමින් තම සේවා තත්වයන් සහ ජීවන තත්වයන් උසස්  කරගත් ශුම බලකායක ශ්‍රී ලංකාව තුල බිහිවීමයි.

විශේෂයෙන්ම  ජීඑස්පී ± බදු  සහනය හිමිවනුයේ  අපනයන ක්ෂෙත්‍රයට වන බැවින්  එම ක්ෂේත්‍රයේ සේවය කරන  සේවක  සේවිකාවන් අතරින්  අති බහුතරයක්  වන කම්කරු  ස්ත්‍රීන්ගේ ජීවන  තත්වයන්  සහ සේවා තත්වයන් ජීඑස්පී  ± හේතුකොට ගෙන උසස්  තත්ත්වයකට පත් වේයැයි අපිද අපේක්ෂා  කලෙමු.

එහෙත්  සිදුවී ඇත්තේ එම කම්කරු  ස්ත්‍රීන්ගේ  ජීවන තත්වයන් උසස්  වීම  නොව ඇගලුම්  කර්මාන්තශාලා  හිමියන්ගේ ලාභය වැඩි  වී  ඔවුන් තවත් ධන කුවේරයන්  බවට පත්වීමයි. එය එසේ වී ඇත්තේ  යුරෝපීය  සංගමයෙන්  ශ්‍රී ලංකාවට ලබාදුන්  ජීඑස්පී  බදු සහනයේ වරදක්  නිසා නොව එම බදු  සහනය  ලබා ගැනිමේදී පොරොන්දු  වු අන්තර්  ජාතික  සම්මුතින්  ක්‍රියාත්මක  කිරීමට සියලුම  ආණ්ඩු පියවර  නොගැනීමත්, එම බදු සහනයේ  ප්‍රතිලාභ කර්මාන්තශාලා  හිමියන්ට භුක්ති  විදීමට  අවකාශ  ලබා දීමයි.

අද ජීඑස්පී  බදු  සහනය  අහිමි  වීමේ අභියෝගයට මුහුණ  දී ඇත්තේ ද එහි  පුතිඵලයක් නිසාවෙනි. එබැවින්  පොදුවේ  ජනතාවගේ ජීවන  තත්වය  උසස්  කර ගැනිමටත්, විශේෂයෙන්ම කම්කරුවන්ගේ සේවා තත්ත්වයන් හා ජීවන  තත්වයන් උසස්  කර ගැනිම  සදහන්  කල යුතුව ඇත්තේ ජීඑස්පී ± බදු සහනයට අදාල  සම්මුතින් ක්‍රියාත්මක  කරවා ගැනිම  සදහා නීති  සම්පාදනය කරවා ගැනිමත්, එම නීති  ක්‍රියාත්මක  කරවා  ගැනිමට ආණ්ඩුවට  බල කිරීමත් වේ.

ඒ සදහා  කරනු ලබන  බලපැම්  ජාත්‍යන්තර  සංවිධාන වලට පමණක්  බාරදි  නිසොල්මන්ව  සිටිනවා වෙනුවට අප රටේ වෘත්තිය  සමිති  ඇතුලු බහුජන  සංවිධාන ඒකරාශී වී ජීඑස්පී  ±බදු සහනය උපයෝගී  කර ගනිමින්  යහපාලනයත්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ඇතුලු  අනෙකුත් අයිතිවාසිකමි ද තහවුරු කර ගැනිමටත්, ජීඑස්පී ± බදු සහනයේ  ප්‍රතිලාභ සේවක  සේවිකාවන්ට ලබා ගැනිමට සංවිධානය වී කේවල්  කිරිමට සහයෝගය  දැක්වීමටත්, පෙල ගැසිය  යුතු යැයි අප විශ්වාස කරමු .

පද්මිණි වීරසූරිය, අධ්‍යක්ෂිකා, ස්ත්‍රී  මධ්‍යස්ථානය