කොටගල ඩ්‍රේටන් කොටසේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයක (PHOTO)

කොටගල ඩ්‍රේටන් කොටසේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයක (PHOTO)

කොටගල ඩ්‍රේටන් වතුයායේ කුඩා ඩ්‍රේටන් කොටසේ වතු කම්කරුවෝ 2012.07.03 දින දහවල් 12.00 ට උද්ඝෝෂණයක් කරන ලදි. හැටන් - නුවරඑලියා ප්‍රධාන මාර්ගයේ රොසිටා ප්‍රදේශයේ පාර දෙපස සිට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් බැනර් හා පුවරු රැගෙන මෙම උද්ඝෝෂණයට නිරතව සිටීම දැක ගැනීමට හැකිවිය.

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු. 1000 වැඩිකර දින සිට ඔවුන්ගේ වැඩකටයුතු වලට පාලනාධිකාරියෙන් දැඩි ලෙස බලපෑම් කරමින් දිනකට තේ දළු කිලෝ 20ක් කැඩිමට බලකරන බවත් එසේ නොකොළහොත් ඔවුන්ට සතියකට දින දෙකක් පමණත් වැඩ ලබාදෙන බවත් මෙහි සිටී උද්ඝෝෂකයන් පැවසීය.

කෙසේ හෝ දිනකට තේ දළු කිලෝ 20ක් කැඩුවහොත් දිනපතා වැඩ ලබාදෙන බවත් මෙම තත්ත්වය නිසා තමන් දැඩි පීඩාවකට ලක්ව ඇති බවත් උද්ඝෝෂකයෝ වැඩිදුරටත් සඳහන් කළේය.
තවද වැසි නොමැති දිනවලදී පවා තේ දළු වල ජලය ඇති බව පවසමින් කිලෝ 6ක් අඩුකිරීමත් නිසා වතු කම්කරුවන් දැඩි අසරණ තත්ත්වයකට ඇද දමා ඇති බවත්, ඉදිරියේදී මෙම පීඩාකාරී තත්ත්වය අවම කිරීමට පලනාධිකාරිය කටයුතු නොකළහොත් දැඩී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පැමිණි සිටි උද්ඝෝෂකයන් පවසන ලදි.

This image has an empty alt attribute; its file name is D1.jpg

This image has an empty alt attribute; its file name is D3.jpg

This image has an empty alt attribute; its file name is D5.jpg

This image has an empty alt attribute; its file name is D7.jpg

This image has an empty alt attribute; its file name is D9.jpg

This image has an empty alt attribute; its file name is hh.jpg

This image has an empty alt attribute; its file name is D11.jpg