රට තුළ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝනය නොවන පරිදි ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ මෙම දුම් රිය ධාවනය කරන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා නව දුම් රිය ගමන් වාර 6 ක්‍රියාත්මක අතර වේයන්ගොඩ සහ කොළඹ කොටුව අතර සීඝ්‍රගාමී දුම් රියක් ද ධාවනය කෙරේ.
මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සහ කොළඹ කොටුව අතර අද සහ හෙට දිනවල අමතර දුම් රියක් ධාවනය කෙරේ.
