පරිපූරක වෛද්‍ය සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

පරිපූරක වෛද්‍ය සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිනිය සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සිදුකරන ලද සාකච්ඡාවේදී ඇතිකර ගන්නා ලද එකඟතාවයන්ට අනුව එම වැඩවර්ජනය ලබන සඳුදා තෙක් තාවකාලිකව අත් හිටු වීමට ඒකමතිකව තීරණය කර ඇත.

එම වෘත්තීයවේදීන්ගේ ප්‍රධාන ඉල්ලීම් පහ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලබන සදුදා දින ඉදිරිපත් කිරීමට ලිඛිතව එකගවීමෙන් පසු මෙම තීරණය ගැනීමට අදාල වෘත්තිය සමිතිය බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කරන ලදී. ඒ අනුව ලබන සදුදා වනතෙක් අදාල වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව පිටවීමටත්, ලබන සදුදා දිනයේ දී එකඟ වූ පරිදි ක්‍රියා කරනු ලැබුවහොත් නැවත වැඩ වර්ජනය ඔබ කිරීමටත් සමිති තීරණය කර ඇත.

හෙට දිනයේ සිට පරිපූරක වෛද්‍ය සේවාවන් සහ අතුරු වෛද්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කරන බව එම බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කරන ලද අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයක් ගෙනහැර දක්වූ සභාපතිවරයා පෙන්වා දෙණු ලැබුවේ, සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය නොවන වෘත්තිකයන් වෛද්‍යවරුන්ගේ අතකොලු නොවන බවයි. එම ස්වාධීනත්වයට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු අතපෙවීම වැරදි සහගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දී ඇති බැවින්, රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු බලධාරීන්ගේ හිත් තුළ එම ප්‍රකාශය තැන්පත් කර ගැනීම අනාගත සෞඛ්‍ය සේවාවේ හිතසුව පිණිස වනු ඇති බවය.

"වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීන් වෛද්‍යවරුන්ගේ අතකොළු නොවේ. ඔවුනගේ ස්වාධීනත්වය ශ්‍රී ලංකාව තුල ආරක්ෂා විය යුතුය - ලෝක සෞඛ්‍ය සංවිධානය"