Covid-19 වසංගත අවධානම් තත්වය හමුවේ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර හා කාර්යාලගත නිලධාරීන් සඳහා ලබා දීමට පොරොන්දු වූ අවධානම් දීමනාව ලබා දීමට ආණ්ඩුව මේ දක්වා පියවර ගෙන නොමැති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එමෙන්ම ආණ්ඩුව Covid-19 වසංගත තත්වයට මුවා වී ආණ්ඩුවට අවශ්‍ය අණපනත් සම්මත කර ගැනීම, තෙල් මිල ඉහළ දැමීම, බඩුමිල ඉහළ දැමීම, ඇතුළු වැඩ කරන ජනතාව ඇතුළු පොදු ජනතාවට පීඩනයක් එල්ල කරන ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටි. Covid සමඟ ජීවත් වෙමු සංකල්පය හඳුන්වා දෙමින් ආණ්ඩුවට අවශ්‍ය ප්‍රමාණයට රාජ්‍ය කටයුතු කරගෙන ගිය ද රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටළු විසඳීමට අවශ්‍ය අවධානය මුළුමනින් අත්හැර ඇති බව අවධාරණය කරමු.
ලංකාවේ අධ්‍යාපන ධූරාවලියේ ඉහළම අධ්‍යාපන මට්ටම වන උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කළ උපාධිධාරීන් සෘජුවම බඳවා ගැනීමේ සේවය රාජ්‍ය සේවා පළාත් රාජ්‍ය සේවා සංවර්ධන නිලධාරී සේවයයි.
1999 සිට 2021 දක්වා උපාධිධාරීන් බඳවා ගැනීම් සිදු කළත් එම උපාධිධාරීන්ගේ දැනුම, අත්දැකීම් හා තරුණ නිර්මාණශීලි හැකියාව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට ඵලදායීවන ආකාරයෙන් යොදා ගැනීම සඳහා වන වෘත්තීය භාවයක් ලබා දීමට වත්මන් ආණ්ඩුව ඇතුළු පැවති සෑම ආණ්ඩුවක්ම මඟහැර ඇත.
අද වන විට සමස්ථ රාජ්‍ය හා පළාත් රාජය සේවයෙන් එක් ලක්ෂ හැට දහසකට ආසන්න උපාධිධාරීන්ට පිළිගත හැකි වෘත්තීය තත්වයක් නිර්මාණය නොකිරීම හේතුවෙන් ආයතනවල ලිපිගොණු හා ඊට සමාන්තර රාජකාරී, මුදල් අයකැමි, ගබඩා බාර කාර රාජකාරී, ගෙවතු අලංකරණ ආදී උපාධියට සාධාරණ හා නොගැළපෙන රාජකාරී කරන පිරිසක් බවට පත් කර ඇත.
එම හේතුවෙන් සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍රගත හා කාර්යාලගත කටයුතු වල නිරත උපාධිධාරීන් සිටිනුයේ දැඩි මානසික පීඩනයක බව සඳහන් කරමු. Covid-19 අවධානම් තත්වය හමුවේ රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලූ ක්ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන්ට අදාළව පහත සඳහන් ඉල්ලිම් වලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
යන ඉහත ඉල්ලීම් සඳහා සාධාරණ කාලසීමාවක් තුළ කඩිනමින් විසඳුම් නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව වැඩි දුරටත් සඳහන් කරමු.
