60000 කට ආසන්න ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ට අවස්ථාව දෙන්න

60000 කට ආසන්න ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ට අවස්ථාව දෙන්න
Covid-19 අවධානම් දීමනාව ලබා නොදීම ඇතුළු වෘත්තීය ගැටළුවලට ආණ්ඩුවෙන් විසඳුම් නෑ. වැඩ වර්ජනයකට සූදානම්....
 
1) කොවිඞ් වසංගත අවධානම යටතේ රාජකාරී වල නිරත සංවර්ධන නිලධාරී / ආර්ථික සංවර්ධන/ අභ්යාසලාභී උපාධිධාරී ඇතුළු සියලූ ක්ෂේත්ර/ කාර්යාල නිලධාරීන් සඳහා අවධානම් දීමනාවක් ලබා දීම.
 
2) 60000 කට ආසන්න ගුරු පුරප්පාඩු සඳහා සුදුසුකම් සහිත රාජ්ය/ පළාත් රාජ්ය සේවා MN-04 වැටුප්තලයට අයත් උපාධිධාරීන් හා අභ්යාසලාභී උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ගරහණය කිරීම.
 
3) වැටුප් විෂමතා ඉවත් කර මූලික වැටුප හා දීමනා ඉහළ දැමීම.
 
4) MN-05, MN-07 ශ්රේණි ඇතුළත් තනතුරු උසස්වීම් පටිපාටිය ලබා දීම.
 
5) උපාධිධාරීන්ට සුදුසු සහ ගැළපෙන රාජකාරී පිළිගත් කරමවේදයක් තුළ ලබාදීම
.
6) 2021.01.01 දිනට ස්ථීර කළ සංවර්ධන නිලධාරීන්ට හිඟ වැටුප් වහා ලබා දීම.
 
7) 2020 අභ්යාසලාභී උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් වසරක පුහුණුව අවසන් කර නියමිත දිනට ස්ථිර කිරීම.
 
8 ) අභ්යාසලාභී පුහුණු දීමනාව රු. 30000 දක්වා ඉහළ දැමීම.
 
9) 1999 - 2021 ස්ථීර කළ උපාධිධාරී පුහුණු කාලය ස්ථීර සේවා කාලයට එකතු කිරීම.
 
10) පූර්ණ විශරාම වැටුප් හිමිකම පත්වීම් ලිපිය මඟින් සහතික කිරීම.
 
11) සංවර්ධන නිලධාරී සේවා ව්යවස්ථාවට වෘත්තීය සමිති ඉදිරිපත් කළ සංශෝධන වහා කරියාත්මක කිරීම.
 

ඉහත ඉල්ලීම් සඳහා සාධාරණ කාලසීමාවක් තුළ කඩිනමින් විසඳුම් නොලැබෙන්නේ නම් දීප ව්යාප්ත වැඩ වර්ජන කරියාමාර්ගයකට අවතීර්ණ වන බව ජූලි 06 (අද) දින පැවති මාධ්ය හමුවේ දී සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්රධාන ලේකම් චන්දන සූරියආරච්චි අවධාරණය කළේය.