සෞඛ්‍ය සේවාවේ නිරත වන අභ්‍යාසලාභී උපාධිධාරීන් ඉවත්වීමේ සූදානමක

සෞඛ්‍ය සේවාවේ නිරත වන අභ්‍යාසලාභී උපාධිධාරීන් ඉවත්වීමේ සූදානමක

සෞඛ්‍ය සේවයේ නියුතු කාර්යමණ්ඩල සඳහා ගෙවන රු.7500/- විශේෂ දීමනාව අභ්‍යසලාභී උපාධිධාරීන්ට ලබා නොදීම සම්බන්ධව සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ලබා නොදෙන්නේ නම්, එය සමාන අවධානම් තත්වයක් හමුවේ ගෙවන දීමනාවක් සමාන කාර්යක යෙදෙන පිරිසකට නොගෙවීමේ පදනම මත අදාළ රාජකාරීවලින් ඉවත් වීමට සිදුවන බවද දන්වා සිටින බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සෞඛ්‍ය අමාතයංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත.

සෞඛ්‍ය ලේකම්වරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වන්නේ,  Covid-19 වසංගත තත්වය යටතේ එම වසංගත තත්වය මැඩලීම සඳහා සාර්ථකව මුහුණදෙමින් සිදුකරන සේවය ඇගයීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා රු.7500/- විශේෂ දීමනාවක් ජූනි, ජූලි හා අගෝස්තු මාස සඳහා ගෙවීමට කටයුතු කරමින් ඇත.

නමුත් 2020 සැප්තැම්බර් 02 හා 2021.02.02 දින සිට අභ්‍යාසලාභී පුහුණුව යටතේ සෞඛ්‍ය රේඛීය අමාත්‍යාංශය හා ඒ යටතේ වු ආයතන / රෝහල් හා පළාත් සෞඛ්‍ය සේවයේ ආයතන හා රෝහල්වලට අනුයුක්ත කර ඇති මේ මොහොතේත් උක්ත ආයතන වල Covid-19 සම්බන්ධයෙන් සක්‍රිය සේවයේ යෙදෙන අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා රු.7500/- දීමනාව ලබා නොදෙන බව දිගින් දිගටම වාර්තා වේ.

2. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් අමාත්‍යාංශයට අයත් ආයතන හා විවිධ ඒකක වල, ජාතික රෝහල, ශික්ෂණ රෝහල් හා මහ රෝහල් ඇතු`ඵ සෞඛ්‍ය ආයතන වල Covid-19 යටතේ ආයතන ප‍්‍රධානීන් විසින් පවරන සියලූ රාජකාරී සිදු කරමින් සිටී,

3. පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් යටතේවන ආයතනවල, පළාත් හා දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා, අධ්‍යක්ෂ කාර්යාල, මූලික රෝහල්, පර්යන්ත රෝහල් හා දඹදෙණිය වැනි කොවිඩ්-19 අතරමැදි රෝගී මධ්‍යස්ථාන ඇතුළු ආයතන වල ද 2020 හා 2021 වර්ෂවලට අයත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සක‍්‍රීය සේවයේ යොදවා ඇත,

4. ඒ අනුව 2021.06.14 දින අමාත්‍ය මණ්ඩල තීරණයට අනුවත්, 2021.06.16 දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිඛිත දැනුම්දීම අනුවත් වෛද්‍යවරුන්ට හැර සෞඛ්‍ය ආයතනවල සක‍්‍රීය සේවයේ යෙදෙන කාර්යමණ්ඩල සඳහා ගෙවන රු.7500/- විශේෂ දීමනාව අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ලබා දීමට කටයුතු කරන මෙන් යළිත් ඉල්ලා සිටිමු,

5. එම දීමනාව සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ලබා නොදෙන්නේ නම්, එය සමාන අවධානම් තත්වයක් හමුවේ ගෙවන දීමනාවක් සමාන කාර්යක යෙදෙන පිරිසකට නොගෙවීමේ පදනම මත අදාළ රාජකාරීවලින් ඉවත් වීමට සිදුවන බවද දන්වා සිටිමු.