පළාත් පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගැනීම සම්බන්ධව සිදුකරන සාකච්ඡාවන් අද දින ආණ්ඩුකාරවරුන් සමග සිදුකරන බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 60,000 කට අධිකව පවතින පාසල් ගුරු පුරප්පාඩු සඳහා 2020 වසරේ ජනවාරී 01 වන දින සිට විශ්විද්‍යාල තුළින් පිටවී රැකියා විරහිතව සිටින උපාධිධරීන් පළාත් සභා පාසල් ගුරු පුරප්පාඩු සඳහා බදවා ගැනීමට අදාල තරඟ විභාග පවත්වන ලෙස ඉල්ලීම් කරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ගොස් ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡාවක් සිදුකිරීමට කටයුතු කරනු ලබයි.
ඉහත ගැටලූ පිළිබඳ ආණ්ඩුකාරවරයා හා පළාත් ලේකම්වරයා දැනුවත් කිරීම හා ඊට අදාල සාකච්ඡා වටයක් අප සංවිධාය විසින් සිදු කරීමට කටයතු කර තිබේ.
