ගුරු පුරප්පාඩු වලට උපාධිධාරින් බඳවා ගැනීමේ ගැටළුව ආණ්ඩුකාරවරුන් වෙත

ගුරු පුරප්පාඩු වලට උපාධිධාරින් බඳවා ගැනීමේ ගැටළුව ආණ්ඩුකාරවරුන් වෙත

පළාත් පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගැනීම සම්බන්ධව සිදුකරන සාකච්ඡාවන් අද දින ආණ්ඩුකාරවරුන් සමග සිදුකරන බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 60,000 කට අධිකව පවතින පාසල් ගුරු පුරප්පාඩු සඳහා 2020 වසරේ ජනවාරී 01 වන දින සිට විශ්විද්‍යාල තුළින් පිටවී රැකියා විරහිතව සිටින උපාධිධරීන් පළාත් සභා පාසල් ගුරු පුරප්පාඩු සඳහා බදවා ගැනීමට අදාල තරඟ විභාග පවත්වන ලෙස ඉල්ලීම් කරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ගොස් ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡාවක් සිදුකිරීමට කටයුතු කරනු ලබයි.

  1. දැනට ගුරු විභාගය ගැසට් කර තිබෙන දකුණ, බස්නාහිර හා නැගෙනහිර යන පළාත් සභාවල ගුරු විභාග ප්‍රමාද කිරීමේ ගැටලූව,
  2. පළාත් ගුරු තරඟ විභාග සඳහා ගැසට් කිරීමේ ඇති වයස් සිමාවල ගැටලූව,
  3. දැනට පළාත් සභා පාසල් ගුරු පරප්පාඩු කොපමන ප්‍රමානයක් පවතීද ? ඒ සඳහා රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම,
  4. පළාත් සභා පාසල් ගුරු පුරප්පාඩු සඳහා බදවා ගැනීමට ක්‍රියා මාර්ග නොගැනීම සහා ගැසට් නොකිරීමේ ගැටලූව,
  5. අභියාසලාභි උපාධිධාරීන් 18,000 ක් ගුරු සේවයට අනියුක්ත කිරීමෙන් රැකියා විරහිත උපාධිධාරීන්ට ගුරු සේවයට සම්බන්ධ වීමට තිබූ ඉඩ කඩ අහුරා දැමීමට කටයුතු කරනවාද යන ගැටලූව.

ඉහත ගැටලූ පිළිබඳ ආණ්ඩුකාරවරයා හා පළාත් ලේකම්වරයා දැනුවත් කිරීම හා ඊට අදාල සාකච්ඡා වටයක් අප සංවිධාය විසින් සිදු කරීමට කටයතු කර තිබේ.