නිරෝධායනයට ගෙන ගිය විරෝධතාකරුවන් ඇඳ ඇතිරිලි පිටින්. කන්නත් නැ, බොන්නත් නැ.

නිරෝධායනයට ගෙන ගිය විරෝධතාකරුවන් ඇඳ ඇතිරිලි පිටින්. කන්නත් නැ, බොන්නත් නැ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය දක්වමින් ඊයේ (08) පාර්ලිමේන්තුව අසළ සිදුකල උද්ඝෝෂණයක් නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලැබුණු පසුව බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන ගිය පිරිසට මේ වන විට ශාරීරිකව මෙන්ම මානසිකව හිංසා පීඩා සිදුකරමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින්, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි ,කොස්වත්තේ මහානාම හිමි - ජාතික භික්ෂු පෙරමුණ,සුනිල් මොරමුදලි, උපාලි සෙනෙවිරත්න - ඒකාබද්ධ ගුරුසේවා සංගමය, කෝෂිලා හංසමාලි,සංඛ මලිත් -- Youth for Change,නදීකා දිල් රුක්ෂි-නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය,තාරක නිරෝෂන්,මානෙල් වික්‍රමසිංහ,උදය සිරිද සිල්වා,අජිත් නිශාන්ත,ඩී.ජී.එම්. සරාසි,රංජිත් කරුණාරත්න,ප්‍රියංකර සතරසිංහ,මහේෂ් ඇල්කඩුව-නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය  යන පිරිස මෙලෙස බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර සිටියි.

ඊයේ පස්වරුවේ අධිකරණයෙන් ඇප ලබා තිබියදී පොලීසියේ මැදිහත්වීමෙන් මෙම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරකට නිරෝධායනයට රැගෙන ගියත් එම ස්ථානයට රැගෙන යන තුරුම ඔවුන් ගෙනයන්නේ කුමන ස්ථානයකටදැයි දැනුවත් නොකර රැගෙන යාම විශේෂත්වයකි.

එමෙන්ම දහවල් කාලයේ සිට අත්අඩංගුවට පත් පිරිසට නිසි පරිදි ආහාරයක් ලබා නොදී තිබූ අතර රාත්‍රියේ ඔවුන්ට පාන් කාලක් සහ කෙසෙල් ගෙඩියක් පමණක් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබිණ.

2021.7.9.9h38m54s

2021.7.9.9h37m50s

IMG 20210709 WA0019

b64e98ef 6071 43fc bda6 9adcddfbf838නිරෝධායනයට බලහත්කාරයෙන් රැගෙන ගිය පිරිසට මේ වන විට ඇඳීමට ඇඳුමක් හෝ නොමැති අතර ඔවුන් ඇඳ ඇතිරිලි ඇඳ සිටින්නේ සිරකරුවන්ටවත් නොලැබෙන සාමාන්‍ය අයිතිය නොලැබෙන තත්ත්වයක් තුළයි.

නිරෝධායනය යනු දඩුවමක් නොවන බව මීට පෙර අවස්ථා රැසකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළද එය පොලිස් දෙපාර්තමේන්තුව සැලකිල්ලට නොගන්නා ආකාරයෙන් දිගින් දිගටම හැසිරීම ලැජ්ජා සහගත ය.

ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලි ඇතුළු කණ්ඩායමක් පොලිසිය විසින් මීට ඉහතදී නිරෝධයානය සදහා රැගෙන යන අවස්ථාවේ ඔවුන්ට අවශ්‍ය ඇදුම් ඇතුළු මුලික පහසුකම් පොලිස්ථානය තුලටම ගෙනවිත් දීමට පොලීසිය භාර අමාත්‍යවරයා මැදිහත් විය.

සමාජ මාධ්‍ය විරෝධය :

මෙම බලහත්කාරී නිරෝධායනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බලවත් විරෝධයක් එක්ක වෙමින් තිබේ.

'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.

uvindu
ජාත්‍යන්තර හෙලා දැකීමට:

උසස් අධ්‍යාපනය හමුදාකරණය කිරීමට එරෙහිව අගනුවර දියත් කළ විරෝධතාවයකදී අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු ඇතුළු ප්‍රමුඛ පිරිසට පහර දීම ජාත්‍යන්තර හෙලා දැකීමට ලක්වී තිබේ.

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෘත්තීය සමිති සාමාජිකයන්ට සහ දේශපාලන ක්‍රියාධරයන්ට එරෙහිව දියත් කළ පිළිකුල් සහගත ප්‍රහාරය අපි හෙලා දකිමු. මෙවැනි දුෂ්කර තත්වයන් යටතේ සංවිධානගත වන ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ වාමාංශය සමග අපේ සහයෝගය,” යි ඕස්ට්‍රේලියාවේ වික්ටෝර්යා ප්‍රාන්ත සමාජවාදීන් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Screenshot 2021 07 08 at 23.19.35
(උපුටා ගැනීම් - news19.lk සහ theleader.lk)