මුලතිව් නිරෝධායන කඳවුරේ සිට තැන්නේ හාමුදුරුවෝ කතා කරයි

මුලතිව් නිරෝධායන කඳවුරේ සිට තැන්නේ හාමුදුරුවෝ කතා කරයි

මම තැන්නේ ඤාණානන්ද හාමුදුරුවෝ. රැකියා විරහිත උපධිධාරි සංගමයේ කැඳවූම්කරු. මේ වන කොට අපිව මුලතිව් ගුවන් හමුදා කඳවුර ඇතලේ තියෙන නිරෝධායන කවුරක් යයි කියන තැනක අපව රඳවල තියෙනවා. ඊයේ උදේ 3.30යි අපව මෙතෙන්ට ගෙනත් දාද්දි. අපිව නිරෝධායනයට ගෙනාවනම් අපිව ගෙනාපු පොලිස් කණ්ඩායම නිරෝධායනය වෙනුවට ඔවුන් පිටත් උනා. අපිට කිසිම ඇඳුමක්, සනිපාරක්ෂක ද්‍රව්‍ය කිසිවක් සම්පාදනය කලේ නැහැ. අපි එවා පෞද්ගලිකව සම්පාදනය කර ගත්තේ. මේ වන විටත් අපට ඒවා ස්ම්පාදනය කරගැනීමට නොහැකි වීමේ ඉතාමත් අපහසුවකට පත්වෙලා ඉන්නේ.

මෙහි පැහැදිලි එක් කාරණයක් තිබෙනවා. නිරෝධායනය කියන එක දඬුවමක් කරගෙන යෙදිමින් ඉන්නේ. ආණ්ඩුවේ ප්‍රධානින් අපි දැක්කා ශවේන්ද්‍ර සිල්වා, සරත් වීරසේකර වැනි අය කතා කරමින් ඉන්නවා නිවෙස් නිරෝධායනය ගැන. ඒ වගේම නීතිය ගැන. ශවේන්ද්‍ර සිල්වා මහත්තයාට අපි කියන්න කැමතියි එතුමා කියනවා නිවෙස් නිරෝධායනය ගැන. මේ කඳවුර ඇතුලේ තවත් 500කට විතර නිරෝධායනය කිරීමට හැකි බව තමයි කඳවුරේ අය කියන්නේ. මේවායේ කවුරුත් නැහැ. ඇයි එතකොට නිවෙස් වල මිනිස්සු මැරෙන්න අරින්නේ. ඒ වගේම උද්ඝෝෂකයෝ මේවට ගෙනත් දාලා. පීසීආර්, ඇන්ටිජන් පරික්ෂණ නෑ. පී.එච්.අයි. කෙනෙක් අපි දැකල නෑ. උසාවිය පැහැදිලිව කියද්දි මේ අය නිදහස් කරන්න කියලා, පොලිසිය අපිව බලහත්කාරයෙන් පැහැරගත්තා. මේ මොන නීතියක්ද ?

අවම නීතිය, සාධාරණ ක්‍රියවලිය ගැන කතා කරද්දි නීතිව ගැන පැහැදිලි කරපු විවෘත බව, අපක්ෂපාති බව, අදාළ පාර්ශවයෙන් කරුණු විමසීම පිළිබඳ මූලික කරුණවත් අපට ඉෂ්ඨ කරල නැහැ. අපක්ෂපාති බවක් කෝ, විවෘත් බවක් කෝ, අපෙන් ඇහැවුවද? ඒ වගේම අපව නිරෝධායන කරන්න ඕනෑ කියලා කොයි සෞඛ්‍ය නිලධාරිවරයාද නිර්දේශ කලේ. කෝ ඒ නිර්දේශ. ඒ නිසා මේක පැහැදිලි බැසිල් රාජපක්ෂ මහතාට රට වටේ උත්සව තියන්න එක නීතියකුත්, අපිට එක නීතියකුත් තමයි තිබෙන්නේ.

විශේෂයෙන්ම කාන්තාවෝ තුන්දෙනෙක් අපිත් එක්ක රැගෙන ආවා. ඔවුන් තිදෙනාට අවම තරමින් පොලිස් කාන්තාවක් නතර කරල යන්න තිබුණා. එහෙමවත් කරල ගියේ නැහැ. ඒ අය කඳවුර ඇතුලේ දුක්විඳිමින් ඉන්නාවා. ඔවුන්ට ඇඳුම් ටිකක්වත් නැහැ.

මෙහෙම තමයි ඒගොල්ලලෝ උද්ඝෝෂකයින්ගේ කටවල් වහන්න හඳල තියෙන් නිරෝධායන දඬුවම.

අපි කියනවා සරත් වීරසේකර මහත්තයාට, ඒ වගේම නියෝගය දුන්න ගොන් තකතීරු මොකෙක් හරි ඉන්න මිනිහෙක්ට මේ නිරෝධායන ක්‍රියාවළියයෙන් නම් මැදිහත් වන්නේ උද්ඝෝෂණ පාලනය කරන්න “සොරි“ කියල තමයි අපිට කියන්නේ තියෙන්නේ ඒ අයට.