පරිපූරක වෛද්‍ය වෘත්තීකයන් නැවතත් වර්ජන සුදානමක

පරිපූරක වෛද්‍ය වෘත්තීකයන් නැවතත් වර්ජන සුදානමක

වෘත්තීය සමිති ඉල්ලීම් වලට අදාලව ගරු සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ ඇතිකරගත් එකඟතා නොසලකා හැරීම සිදුවුවහොත් නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලිඛිතව දැනුම් දී ඇත.

එහි සඳහන්ව ඇත්තේ, පරිපූරක වෛද්‍ය සේවාව හා අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැජවර්ජනයට අදාලව 2021. 07. 06 දින ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව හා බැඳේ.

ඒ අනූව උක්ත සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතාවයන්ට අනූව පරිපූරක වෛද්‍ය සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ උසස්වීම් හා මාණ්ඩලික තත්ත්වයට අදාලව 2021-07-12 වැනි දින අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීමටත් අනෙකුත් ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමටත් තීරණය වූ බව සිහිපත් කරමු. ඊට අදාලව එකඟතාවයන් තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගේ අත්සනින් යුතුව නිකුත් කල දුන් පොරොන්දු පත්‍රය මීට යාකර ඇත.

කෙසේ නමුත් අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීම සඳහා මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල  නිසි සැලැස්මක් නොමැති බව අප විසින් නිරීක්ෂණය කොට ඇති අතර උක්ත සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතාවයන්ට පරිභාහිරව වෙනත් විසඳුම් විවිධ පාර්ශ්වයන් විසින් තමතමන්ට පෞද්ගලික වනසේ ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම මඟින් එකඟතාවයන් ආරක්ෂා නොවන බවද අවධාරණය කරමු.

කෙසේ නමුත් අදාල එකඟතාවයේ පරිදි පරිපූරක වෛද්‍ය සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව වෙනුවෙන් එකඟ වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 2021.07-12 වැනි දින අමාත්‍ය මණඩලය වෙත ඉදිරිපත් නොකරන්නේ නම් 2021.07.14 බදාදා දින සිට අත්හිටවූ වැඩවර්ජන ක්‍රියාමාර්ගය නැවත ආරම්භ කිරීමට සිදු වන බවත්, එහි සම්පූර්ණ වගකීම එකඟතාවයන් කඩකල පාර්ශ්වයන් විසින් දැරිය යුතු බවත් කණගාටුවෙන් දන්වා සිටිමු.