බස්නාහිර පළාත තුල දුම්රිය ගමන් වාර සම්බන්ධයෙන් වැදගත් දැනුම්දීමක්

බස්නාහිර පළාත තුල දුම්රිය ගමන් වාර සම්බන්ධයෙන් වැදගත් දැනුම්දීමක්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ ධාවනය කල ගමන් වාර 70 ට අමතරව දුම්රිය ගමන් වාර 32 ක් බස්නාහිර පළාත තුල ධාවනය කිරීමට කටයුතු කර ඇති බව නිවේදනය කර තිබේ.
 
ඒ අනුව බස්නාහිර පළාත තුල පමණක් ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ සහ රාගම සිට ගමන් වාර 36 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම, කළුතර දකුණ, පානදුර, මොරටුව සහ ගල්කිස්ස සිට ගමන් වාර 40 ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල, කොස්ගම සහ පාදුක්ක සිට ගමන් වාර 10 ක් ද, පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සහ මීගමුව සිට ගමන් වාර 16 ක් ද කොළඹ කොටුවා හා මරදාන දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම වෙත සඳහන් කළේ.
 

තවද, බස්නාහිර පළාතෙන් පිට සැලසුම් කර ඇති පරිදී අදාල ප්‍රාදේශීය දුම්රිය ගමනාගමන කටයුතු ද සිදු වෙන බවත් හෙතෙම සඳහන් කළේය.