කොරෝනා තත්ත්වය තුළ DO ඇතුළු අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අවදානම් දීමනාවක්

කොරෝනා තත්ත්වය තුළ DO ඇතුළු අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අවදානම් දීමනාවක්

මේවනවිට රාජ්‍ය සේවාවේත් ,පළාත් රාජ්‍ය සේවාවේත් කොවිඩ් රාජකාරී සිදුකරන,කොවිඩ් රාජකාරිවලට අදාළ විවිද සේවාවන්ට අවශ්‍ය කරන සහය ලබා දෙන,විශේෂයෙන් සංවර්ධන නිලධාරීන්,කාර්යාල ක්ශේත්‍රගත නිලධාරීන්ගේ රාජකාරි ඉටුකිරීම සම්බන්ධයෙන් රජය පැත්තෙන් ලබා දිය යුතු දිරි ගැන්වීම් හා අවශ්‍ය කරන සෞඛ්‍යාරක්ෂිත උවමනාවන් ගැන සොයා බැලීම පිළිබඳව පවතින ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් පවත්වනු ලැබීය.

වසර ගණනාවක් සිට ආණ්ඩුව මඟ හරිමින් යන සංවර්ධන නිලධාරී සේවයේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත්කරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ,කොවිඩ් තත්ත්වය තුළ රාජකාරිවල නිරත සංවර්ධන නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන්,අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු සියළු ක්ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන්ට අවදානම් දීමනාවක් අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවයි.

සම්පූර්ණ වීඩියෝපටය පහතින් නරඹන්න...