යහපාලන ආණ්ඩුව සහ ‘වත්මන් ආණ්ඩුව‘ උද්ඝෝෂකයින්ට සලකන ආකාරයේ වෙනස !

යහපාලන ආණ්ඩුව සහ ‘වත්මන් ආණ්ඩුව‘ උද්ඝෝෂකයින්ට සලකන ආකාරයේ වෙනස !

‘යහපාලන ආණ්ඩු කාලයේ මේ උද්ඝෝෂණ වලට සැලකුවේ කඳුළු, ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලුවලින්. අපි උස්සගෙන ගියා මිසක් කවදාවත් ඒ ආකාරයෙන් සැලකුවේ නෑ‘ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණයෙන් සදහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) කඩුවෙළ පොලිස් ස්ථානය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ පසුගියදා ඇතිවූ සිද්ධියේදී පොලිසිය වැඩ කළේ නෑ. පොලිසිය ක්‍රියා කළේ නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ ලිඛිත නියෝග සහ ඉල්ලීම මත බවයි.

අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙසේද සඳහන් කළා,

‘‘ යහපාලන ආණ්ඩු කාලයේ මේ උද්ඝෝෂණ වලට සැලකුවේ කඳුළු, ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලුවලින්. අපි උස්සගෙන ගියා මිසක් කවදාවත් ඒ ආකාරයෙන් සැලකුවේ නෑ. ඒ වගේම මේ පොලිස් නිලධාරීන් සමහර වෙලාවට අවම පහසුකම් යටතේ වැස්සේ තෙමෙමින්, අව්වේ වේලෙමින් පැය 12ක් රාජකාරි කරන කොට්ඨාශයක් බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවාඩු අවලංගු වෙනවා. ඔවුන් කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දීපු නියෝග ක්‍රියාත්මක කරන එකයි. ඔවුන්ට දෝෂාරෝපණය කිරීම වැරදියි. අපේ අඩුපාඩු තියෙනව නම් අපි හදා ගන්නවා.

මට ලැබිච්ච අධ්‍යාපනය සමඟ මම ගුරුවරුන්ට බොහෝ ගරු කරන කෙනෙක්. මගේ ගුරුවරයෙක් පාරෙ දැක්කත් වාහන බැහැලා ගිහිල්ලා වදිනවා. ඒ් ගෞරවය හැම ගුරුවරයෙක්ට ම තියෙනවා. වරදක් කළොත් ගුරුවරයෙක් හෝ වෙන කවුරු වුනත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අහිංසක දරුවන්ට දඬුවම් කරන්න එපා කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරල විසදගන්න පුළුවන් බව ද‘ මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.